පොහොට්ටුවට පණ දෙන්න මහින්දගෙන් උපදෙස්

0
15

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ බල ගැන්වීම් කටයුතු කඩිනමින් සිදුකරන ලෙස ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉදිරියේදී කැඳවන ලෙසද. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මෙම විධායක සභාවේදී පක්ෂයේ බලගැන්වීම් කටයුතු සිදුකරන ආකාරය සහ පක්ෂ තනතුරුවල වෙනසක් සිදුවිය යුතු නම් ඒ පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ. කෙසේ වුවද ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ජාතික සංවිධායක ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂත් දිගටම කටයුතු කරගෙන යන බව පොදුජන පෙරමුණු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය