ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්රමුඛ පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පසුගිය වර ශූර ටැමිල් යුනියන් සමඟින් යුද හමුදා ක්‍රිකට් සමාජ කණ්ඩායම් අද (02) කොළඹ එස්.එස්.සී. පිටියේ සටන් වදිති.
ධනංජය ද සිල්වා ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජ පිල මෙහෙයවනු ලබන අතර, තිසර පෙරේරා යුද හමුදා ක්‍රිකට් සමාජ පිල මෙහෙයවනු ලබයි.
මේ අතර පසුගියදා පැවැති අවසන් පූර්ව තරගවලදී සීක්කුගේ ප්‍රසන්න තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
අවසන් පූර්ව තරග ප්‍රතිඵල
ටැමිල් යුනියන්-සී.සී.සී.
ටැමිල් යුනියන් – 238 (සදීර සමරවික්‍රම 74, රොන් චන්ද්‍රගුප්ත 48, ධනංජය ද සිල්වා 45, නවෝද් පරණවිතාන 38, වනිඳු හසරංග 37/4), සී.සී.සී. – 222/9 (ලක්ෂාන් සඳකැන් නොදැවී 62, මිනෝද් භානුක 46, පවන් රත්නායක 39, ප්‍රමෝද් මධුෂාන් 51/4, දිලුම් සුදීර 40/2)
ටැමිල් යුනියන් ක්‍රිකට් පිලට ලකුණු 16ක ජයක්.
යුද හමුදා ක්‍රී.ස. – ඒස් කැපිටල් ක්‍රී.ස.
යුද හමුදාව – 246 (සීක්කුගේ ප්‍රසන්න 89, මහේෂ් කුමාර 46, ප්‍රමුද් හෙට්ටිවත්ත 26/2, ලසිත් කෘස්පුල්ලේ 32/2, චානක දේවින්ද 47/2), ඒස් කැපිටල් – 123 (සීක්කුගේ ප්‍රසන්න 46/4, සුමින්ද ලක්ෂාන් 42/4)
යුද හමුදා පිලට ලකුණු 123ක ජයක්.
ටැමිල් යුනියන් සංචිතය: ධනංජය ද සිල්වා (නායක), සදීර සමරවික්‍රම, ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රමෝද් මධුෂාන්, සංතුෂ් ගුණතිලක, රවිඳු ප්‍රනාන්දු, දිලුම් සුදීර, නවෝද් පරණවිතාන, කවිඳු පතිරත්න, රොන් චන්ද්‍රගුප්ත, කමේෂ් නිර්මාල්, රවීන් ද සිල්වා, සිතාර හපුහින්න, විජයකාන්ත් වියස්කාන්ත්, සුපුන් කාවින්ද, දුලාජ් සමුදිත, සහස් ජයසූරිය, ට්‍රවීන් මැතිව්, ක්රිෂ්ණ ශිරාම්, සචිත් පතිරණ (ප්‍රධාන පුහුණුකරු)
යුද හමුදා සංචිතය: තිසර පෙරේරා (නායක), දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, සුමින්ද ලක්ෂාන්, මහීෂ් තීක්ෂණ, අශාන් රන්දික, ලක්ෂාන් ගමගේ, ලක්ෂාන් එදිරිසිංහ, පැතුම් කුමාර, කෞමාල් නානායක්කාර, හිමාස ලියනගේ, ගයාන් චන්ද්‍රබෝෂ්, මහේෂ් කුමාර, යශෝධ මෙන්ඩිස්, ෂෙහාන් ප්‍රනාන්දු, පැතුම් බොතේජු, අසංක මනෝජ්, ෂෙහාධ සොයිසා, තුලිණ ඩිල්ෂාන්, රශ්මික සිරිවර්ධන, රත්නරාජ් තේනුරදන්, ගිහාන් කෝරලගේ, පැතුම් ඩිල්ෂාන්, රොජර් විජේසූරිය (ප්‍රධාන පුහුණුකරු), අජන්ත මෙන්ඩිස් (පුහුණුකරු
ඉෂාන් රශ්මිත