ඡන්දයක් තියන්න බැරිනම් ඒකාබද්ධ වැඩසටහනකට යා යුතුයි

0
32

නව ක්‍රමවේදයක් යටතේ ජාතික ඒකාබද්ධතා වැඩසටහනකට එළැඹිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

මේ මොහොතේ ජන වරමකට යෑමට අපහසු නම් ඒ වෙනුවට ජාතික ඒකාබද්ධතා වැඩසටහනකට එළැඹිය යුතු යැයි විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

එකාබද්ධ රට ගොඩනැඟීම් වැඩසටහනට පක්ෂ විපක්ෂ සියලු දෙනාට පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් හරහා සාධනීය දායකත්වය ලබාදීමට හැකි බවද ඔහු කියයි.

එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සමාජික පිරිස සමඟ ඊයේ (01දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවැසීය.

වරදාන ලබාගෙන අධිසුඛෝපභෝගී ජීවිත ගත කිරීමට මේ කාලය නොවන බවත්, මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ සහභාගිත්ව සංවර්ධනයක් තුළින් රට ගොඩනැගීම බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔළුගෙඩි මාරු කරන අවස්ථාවාදී දේශපාලනය අවසන් විය යුතු යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.