කඋඒව් එඒව්ට් විත්තිකරුට ඇප: ඇල්ලූ පෙට්රල් තොගය මුදා හරින්න උසාවි නියෝග

0
11

මල්වානේ, වල්ගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ගබඩා අංගණයක බලපත්‍ර රහිතව අනවසරයෙන් ගබඩා කර තිබූ පෙට්රල් ලීටර් 310ක් බියගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු ඇප මත මුදාහැර පෙට්රල් තොගයද ඔහු වෙත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබීය.

එම ආයතනයට සම්බන්ධව 87 දෙනෙකු පමණ සේවය කරන අතර ඔවුන් පැමිණෙන වාහනවලට අවශ්‍ය වන ඉන්ධන ලබා දීම සඳහා මේ පෙට්රල් ගෙනැවිත් තිබූ බව ඔහු පවසා ඇතැයි කියැවේ.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී. ගරුසිංහ, පො.කො. සේනානායක (88674), විශේෂ කාර්ය අංශයේ සැරයන් රාජපක්ෂ (63431), පො.කො. සඳරුවන් (90510), නයනජිත් (706) හා පො.කො. රියැදුරු අමිල (3908) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කරනු ලැබූහ.

බියගම – කේ. දුමින්ද, දෙල්ගොඩ _ බිහිඳු විනුවර