අද (අගෝ: 1) සිට නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමග ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ත් දිවයිනේ නිරිත දිග කොටසේ ත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වල ත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.