රැට්ටා අත්අඩංගුවට

0
253

ගාලු මුවදොර ජන අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූ රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (අගෝ: 1) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවීමෙන් අනතුරුව ය.

රැට්ටාට ප්‍රකාශයක් ලබා දීමට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස පසුගිය දා දැනුම් දී තිබිණි.

ඒ අනුව, අද පෙරවරුවේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබුණේ එම නිවේදනයට අනුව ය.

එහිදී පැය ගණනාවක් රැට්ටාගෙන් ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් කටයුතු කර ඇත.

මේ අතර, ගාලු මුවදොර අරගලයට සම්බන්ධ සමාජ ක්‍රියාකාරිකයන් වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇතුළු තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ (අගෝ: 1) නියෝග කළේ ය.