අද (අගෝ: 1) රාත්රී 10.00 සිට ක්රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක වර්තමාන මිල වන රුපියල් 440 රුපියල් 430ක් දක්වා පහළ යනු ඇත.
කෙසේ වෙතත්, පෙට්රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
