ජාතික රූපවාහිනියට ‘බලෙන් ඇතුළු වූ’ ධනිෂ් අලී ගැන අධිකරණය අද ගත් තීරණය

3
489

ජාතික රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධානිෂ් අලි තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ: 1) නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වෙත රැගෙනවිත් ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ, සැකකරු බොහෝ පිරිසක් දන්නා හඳුනන කෙනෙකු බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව ය. ඒ අනුව, හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ අනුව, ඊට අදාළ නියෝගය අගෝස්තු 15 වන දා ලබා දෙන බවට ත් ඒ දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ජූලි 13 වන දා බලහත්කාරයෙන් ඇතුළු වී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වී සිටින ධානිෂ් අලි (Dhaniz Ali) ඉකුත් 26 වන දා අත්අඩංගුවට ගනු ලැබිණි.

කටුනායක ගුවන්තොටුපොළින් ඩුබායි බලා යන ගුවන් යානයකට ඇතුළු වී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

3 COMMENTS

  1. මොහු ISIS ත්‍රස්ථ පුහුණුව ලැබූ කෙනෙකුදැයි මට නම් සැකයි.
    ඒ පිළිබඳව විමර්ශනයක් දියත් නොකරන්නේ ඇයි???

    • මේකට ප්‍රධාන හේතුව මේ අරගලයට නිසි නායකත්වයක්‌ දෙන්න ඉඩ නොදුන් එක අරගලයක්‌ කරලා රටේ පාලකයාව එලෙව්වහම රටේ පාලන බලය තීරණය කරන්න ඕනෙ අරගලය කළ නායකයින් .. එහෙම නොමැති කම
      මත සියළුම දේවල්වි නාශ වුණා
      නිර්පාක්ෂික කිය කිය බොරුවට විකාර
      ඔය හැම එකාම පාක්ෂිකයි කාට හෝ,, දැන් බොහෝ දේශප්‍රේමීන් ගිහිල්ල එයාලට දැන් හොඳටම හති මම දැක්ක balck belt movement කට්ටිය ඉවත් වෙනවා කියලා.. අපි දන්නවා ඔය ඇම්මට ආවට දරාගැනීමේ ශක්තිය නැහැ එහෙම දරා ගැනීමේ ශක්තිය ලෙහෙසියෙන් ඔප මට්ටම් වෙන්නෙ නැහැ.. ඒක බොහොම කටුක ගැඹුරු ධර්ශනයක් ඒවා පරිශීලනය කළ යුතුයි… නිකම් උන තිබුනට බැහැ… ඇත්තටම මේ අරගලය එදා ඉවරයි හරි නායකත්වයක්‌ තිබුන නම්.. ආයිත් මොකටද පාර්ලිමේන්තුව වියවස්තා අරගලයක්‌ කරලා රටේ පාලනය අතට ගන්න තිබුන… එවෙලේම ජනාධිපති මන්දිරයට අග්රවිනිෂ්‍ය කරුව, ත්‍රිවිධ හමුදාපති වරුන් ගෙන්වා තාවකාලික රජයක් ප්‍රකාශ කලානම් ඉවරයි ඒ අවස්ථවේ බලය අරගල කරුවන් අතේ..

  2. මේකට ප්‍රධාන හේතුව මේ අරගලයට නිසි නායකත්වයක්‌ දෙන්න ඉඩ නොදුන් එක අරගලයක්‌ කරලා රටේ පාලකයාව එලෙව්වහම රටේ පාලන බලය තීරණය කරන්න ඕනෙ අරගලය කළ නායකයින් .. එහෙම නොමැති කම
    මත සියළුම දේවල්වි නාශ වුණා
    නිර්පාක්ෂික කිය කිය බොරුවට විකාර
    ඔය හැම එකාම පාක්ෂිකයි කාට හෝ,, දැන් බොහෝ දේශප්‍රේමීන් ගිහිල්ල එයාලට දැන් හොඳටම හති මම දැක්ක balck belt movement කට්ටිය ඉවත් වෙනවා කියලා.. අපි දන්නවා ඔය ඇම්මට ආවට දරාගැනීමේ ශක්තිය නැහැ එහෙම දරා ගැනීමේ ශක්තිය ලෙහෙසියෙන් ඔප මට්ටම් වෙන්නෙ නැහැ.. ඒක බොහොම කටුක ගැඹුරු ධර්ශනයක් ඒවා පරිශීලනය කළ යුතුයි… නිකම් උන තිබුනට බැහැ… ඇත්තටම මේ අරගලය එදා ඉවරයි හරි නායකත්වයක්‌ තිබුන නම්.. ආයිත් මොකටද පාර්ලිමේන්තුව වියවස්තා අරගලයක්‌ කරලා රටේ පාලනය අතට ගන්න තිබුන… එවෙලේම ජනාධිපති මන්දිරයට අග්රවිනිෂ්‍ය කරුව, ත්‍රිවිධ හමුදාපති වරුන් ගෙන්වා තාවකාලික රජයක් ප්‍රකාශ කලානම් ඉවරයි ඒ අවස්ථවේ බලය අරගල කරුවන් අතේ..

Comments are closed.