විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

0
264

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි දැක්වෙන්නේ, විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කරන බව ය.

මීට අමතරව නව පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ගාස්තු සංශෝධනයට ද අද (අගෝ: 1) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.