ශා.ජෝශප්, තර්ස්ටන්, දේවපතිරාජ, ශාන්ත ජෝන් සහ වේල්ස්කුමර ජයගනිති

0
10

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරගවලදී වෙන්නප්පුව ශා.ජෝශප්, තර්ස්ටන්, රත්ගම දේවපතිරාජ, නුගේගොඩ ශාන්ත ජෝන් සහ මොරටුව වේල්ස් කුමාර විදුහල් ජයගැනීමට සමත්විය.

එහිදී දේවපතිරාජ විදුහලේ දර්ශක සංදීප් (138), තර්ස්ටන් විදුහලේ විහස් තෙව්මික (නොදැවී 116) ශතක ලබාගනිමින් එම කණ්ඩායම්හි ජයග්‍රහණය සඳහා ප්‍රධාන දායකත්වයක් දරා තිබිණි.

කොළඹ තර්ස්ටන්-කොළඹ මහානාම

තර්ස්ටන් – 289/6 (විහස් තෙව්මික නොදැවී 116, තනුග පළිහවඩන 67, කෞශල බාලසූරිය 54, සත්සර දසනායක 37/2), මහානාම 144 (අමිල දර්ශන 44, රසිඳු දෙව්මිණ 35, ටලීෂ නානායක්කාර 20/3, රමික සොනාල් 22/2)

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 144ක ජයක්.

රත්ගම දේවපතිරාජ_ගාල්ල ශාන්ත ඇලෝසියස්

දේවපතිරාජ- 277/6 (දර්ශක සංදීප් 138, තනුෂ් විදුරංග 52, මතීෂ සාරංග 40, සසිඳු රන්දීප 28/2, ඕෂධ දේවින්ද 42/2), ශාන්ත ඇලෝසියස් – 145 (කවිඳු කේෂර 56, පියුමාල් ද සිල්වා 24, සිමාෂ් දිළුන්ජය 16/3, මතීෂ සාරංග 27/3)

දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 132ක ජයක්.

මොරටුව වේල්ස් කුමර-කොළඹ වෙස්ලි 

වෙස්ලි- 133 (අනුග පහන්සර 30, නිසල් හේවාජූලිගේ 19/3, රිවිත් ජයසූරිය 20/3), වේල්ස් කුමර- 136/3  (කෙනුල් ද සොයිසා 46, සුවස් ප්‍රනාන්දු නොදැවී 45)

වේල්ස් කුමර විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

නුගේගොඩ  ශාන්ත ජෝන්-කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ම.වි. 

ශාන්ත ජෝන්- 95 (තමල්ක  සුපසන් නොදැවී 37, තලීෂ සිල්වා 18/3), ශ්‍රී ජයවර්ධනපුර ම.වි. 74 (තිෂාන් දමිඳු 13/4, පියුමාල් දෛදව්රංග 17/3)

ශාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 21ක ජයක්.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්-හලාවත  ශාන්ත මරියා

ශාන්ත ජෝශප් වාස් – 241 (හංස මිහිරංග 77, විමුක්ති ඉෂාර  34, නිවොන් පින්තෝ 38/5), ශාන්ත මරියා – 47 (දෙනෙත් නිම්සර 13/3, තත්සර සමිඳු  5/2, ඩේමියන් ප්‍රසංසන 6/2, අනුහස් විජේසේකර 13/2)

ශාන්ත ජෝශප් වාස්  විද්‍යාලයට ලකුණු 194ක ජයක්.

ඉෂාන් රශ්මිත