වික්ටෝරියා ජලාශයේ දියනෑ සිසුන් දෙදෙනකු අතුරුදන්

0
42

පල්ලේකැලේ ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයට බැස දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇත. සිසුන් පස් දෙනකු පසුගිය 29 වැනිදා පස්වරුවේ ජලාශයේ දිය නෑමට ගොස් තිබෙන අතර දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 13 හා 14 වයස්වල පසුවන ළමයින් දෙදෙනෙකි. පල්ලේකැලේ ජනෝදාගම පදිංචි සුරේෂ් උමේන්ද්‍රන් (14) හා අයේෂ් කුමාර් (13) නමැති ළමයින් දෙදෙනා මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

පල්ලේකැලේ පොලිසියේ මැදිහත් වීම මත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අතුරුදන් වූ සිසුන් දෙදෙනා සෙවීමට මෙහෙයුමක් දියත් කරනු ලැබුවත් ජල පහර වේගයෙන් වික්ටෝරියා ජලාශය දෙසට ගසා ගෙන යෑම නිසා ඊයේ (31දා) දහවල් වනතෙක්ම ඔවුන් සම්බන්ධ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

මහනුවර – කේ.එල්. සුරවීර

මහනුවර – හේරත් ඒකනායක