රාජපක්ෂලාගේ වුවමනාව රනිල් හොඳින් ඉටුකරමින් සිටිනවා

0
131

රාජපක්ෂලාට ගහලා එළවලා දාපු මේ රටේ පුරවැසියන්ව කූඩුවේ දානවා බැලීමේ රාජපක්ෂලාගේ ආශාව, වුවමනාව රනිල් වික්‍රමසිංහ හොඳින් ඉටුකරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ කීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

වර්තමානයේ පිනට පහළ වෙච්ච ජනාධිපතිවරයා එදා අගමැතිවරයා විධියට වැඩ භාරගත් දවසේ ඉඳලා මේ දක්වා අනාවැකි කියනවා හැරෙන්න දෙයක් අපි දකින්නේ නැහැ. ඔහු තුළින් බලාපොරොත්තු වෙන මේ රටේ පුරවැසියාගේ සැබෑ ප්‍රශ්න විසඳීම සඳහා යම් සාධනීය ප්‍රවේශයක් ඔහු තුළින් නිර්මාණය වෙනවා කියන කාරණය අපි දකින්නේ නැහැ. ඇත්තටම ඔහු විහිළු සපයන ර්ප, ඕඥඥදගේ චරිතය රඟදක්වනවා කියන කාරණය තමයි නුවරදී දැක්කේ.

එහිදී මේ රටේ සමස්ත ජනතාවගේ අරගලය ඔහුට විහිළුවක්. ඔහු සිනහමුසු මුහුණෙන් ඒ අරගලය රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට රනිල් වික්‍රමසිංහ මහත්තයට හිනාවෙන්න පුළුවන් තැනට පත් වීම ගැන අපිට කනගාටුයි. අපි දන්නව රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම හිනා වුණ එක තමයි කළේ. ඔබ ආවේ මේ රටේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්නය විසඳීමේ අරමුණෙන් නෙමෙයි. ඔබ ආපු ප්‍රධාන කාරණය මේ වෙනකොට සිද්ධ කරමින් යන බව අපට පේනවා.

රට යන්න හිටපු බැසිල් රාජපක්ෂ දැන් රට යන්නේ නැහැ. රට දාලා ගියපු ගෝඨාභය රාජපක්ෂ එන බව අපට දැන් ඇහෙනවා. බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ප්‍රතිසංවිධාන කටයුතු ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ දේශපාලන කාර්යාලය තුළ සැඟවෙන්නේ නැතිව ඉටු කරමින් තිබෙනවා. අපි දන්නවා අරගලය අවස්ථාවේ රට දාලා යන්න හිටපු උදවිය අද රට හැර යන්නේ නැතිව, මේ රටේ ඉදිරි දේශපාලන බලය ඇල්ලීම සඳහා දේශපාලන කුමන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරනවා. එය තමයි රනිල් රාජපක්ෂගේ එකම දේශපාලන අරමුණ. එහෙම නැතිව රටේ ඉදිරි පැවැත්ම ගැන හිතන එක නෙවෙයි කියන කාරණයට මේ කෙටි උදාහරණයම ඇති. ඒ නිසා ජනවරමකින් බලයට ආපු නැති රනිල් රාජපක්ෂ හොරු කල්ලියක් එකතු වෙලා ඒ හොරු කල්ලියගේ ආරක්ෂාව වෙනුවෙන් හොර වරමකින් තමයි අද පත්වෙලා ඉන්නේ.

ජනතා ප්‍රශ්න වෙනුවෙන් හිනා වුණාට, ලැජ්ජාවක් නැති වුණාට ලැජ්ජ බයක් තියෙනවා නම් ඔයා මේ බලයට ඇවිත් තියෙන්නේ මේ හොර වරමකින් හොරුන් දුන්න බලයකින්. මේ රට විනාස කරපු රට නන්නත්තාර කරපු රාජපක්ෂ කල්ලියේ 134 එකතුවෙන් තමයි කාලකන්නි විදිහට හිනා වෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයට උසුළු විසුළු කරන ජනාධිපති විධියට පත් වෙලා තියෙන්නේ. එය ජනවරමක් නෙවෙයි හොර වරමක්. ඒ නිසා ඒ හොරුන්ට ඕන විදිහට හොරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, හොරුන්ගේ අනාගතය වෙනුවෙන්, රට විනාශ කරපු රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින රනිල් රාජපක්ෂව එළවන්න පුළුවන්. ඒ සඳහා මේ රටේ ජනතාව බුද්ධිමත්ව එකතු වුණොත්. එය විය යුතුමයි.

රාජපක්ෂලාගේ කරපු හොරකම් ආරක්ෂා වෙන්න නම් රාජපක්ෂලාට දඬුවම් දෙන එක වළක්වන්න පුළුවන් නම් රාජපක්ෂලා හිරේ දාන එක වළක්වන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් රනිල් රාජපක්ෂට විතරයි. ඒ නිසා රනිල් රාජපක්ෂ මහත්තයෝ ඔයා හිතනව නම් මේ අරගලයට, ජනතාවගේ ප්‍රශ්නයට හිනාවෙලා යහතින් ඉන්න පුළුවන් වෙයි කියලා ඒකට ඉඩ තියන්න මේ රටේ ජනතාව සූදානම් නෑ. ඒ නිසා මේ අරගලය වෙනුවෙන් පෙනී හිටපු ජනතාවගේ අරමුණක් තිබුණා. හුදු බලාපොරොත්තුවක් තිබුණා. ඉල්ලීම් තිබුණා. ඒ ඉල්ලීම් සියල්ල තවමත් ඒ විධියමයි. හැබැයි අරගලයෙන් පැන නැඟුනු විවිධ කාරණා මර්දනය කිරීම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරයෙක් අද පත්වෙලා තියෙනවා. ස්විමිංපූල් එකේ නාපු අය, මන්දිරය අල්ලපු ඒ කණ්ඩායම් අල්ලලා කියනවා මං මේ කට්ටියම ඇල්ලුවා කියලා. ඒ අය අල්ලලා දඬුවම් දෙනවා දකින්න ආසාවෙන් ඉන්නේ කවුද? රටේ ජනතාවද නැහැ, රාජපක්ෂලා.

අපි දැක්කා සමහර මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ල කියනවා දැන් රනිල් රාජපක්ෂ පත්වෙලා ඉන්නවා ඔහුට කාලය දෙන්න ඕන. කවුද ඒ රාජපක්ෂට කඩේ ගිය උදවිය. ඒ නිසා රාජපක්ෂලා ආරක්ෂා කිරීම වෙනුවෙන් කවුරු හෝ ඇවිත් මාධ්‍යයට කියනවා නම් රනිල්ට තව බලය දෙන්න රනිල්ට තව ඉන්න දෙන්න කියලා ඒ රනිල් වෙනුවෙන්, රට වෙනුවෙන් නෙමෙයි රාජපක්ෂ වෙනුවෙන්. ඒ නිසා කරුණාකර කියනවා මාධ්‍යයට ඇවිත් මේ රාජපක්ෂලා රකින රනිල් වික්‍රමසිංහට තවදුරටත් බලයේ ඉන්න ඕනේ කියලා කවුරුන් හෝ කියනවා නම් ඒ දේශද්‍රෝහීන් හැටියට අපි දකිනවා.

දැන් කාංචන ඇමැතිවරයාත් කියනවා ඉදිරි මාස දෙකේ තෙල් ගේන්න අපිට සල්ලි නෑ කියලා. එතුමන්ලා කියනවා දැන් මේ වෙනකොට භාණ්ඩාගාරය නිකුත් කරන මුදල් ප්‍රමාණය අඩුකරලා කියලා. අපිට ඕනේ තෙල් ගේන්න ඩොලර් මිලියන 500ක්. හැබැයි ඒ 500න් නිදහස් කරන ප්‍රමාණය 250ක් දක්වා සීමා කරලා. හැබැයි අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 150වත් නිදහස් කිරීම සඳහා හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාරය කියනවා. අපි අහනවා ඕක කියන්න තෙල් ඇමැතිවරයෙක් ඕනද? රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් ඕකමයි.

ඉදිරියේ අමාරු වෙනවා. කන්න නැති වෙනවා. අවුරුදු දෙකකින් මේක වැඩි වෙනවා. දැන් පින් ජනාධිපති හැටියට ඔහුට පාර්ලිමේන්තුවේ හොර තක්කඩි පත් කරගත්ත ජනාධිපතිට ධුර කාලය අවුරුදු දෙක හමාරක් තියනවා. හැබැයි ඔහුට දිගටම යන්න ඉඩ තියන්නේ නෑ. ඊට වඩා දඟලපු බලයට කෑදර වෙච්ච බලයේ රැඳී හිටපු රාජපක්ෂවරුන් මේ රටේ ජනතාව එකතුවෙලා පන්නා දැම්මා නම් මේ කාලකන්ණි ඩීල් රනිල් වික්‍රමසිංහ මහත්තයා එළවා දමන්න ඊට වඩා එහා ගියපු මැදිහත්වීමක් මේ රටේ ජනතාව සිද්ධ කළ යුතුයි.

නිර්මාණි ගුණරත්න