රටේ ප්‍රබලයන් පාස්කු ප්‍රහාරය කාපට් යට සඟවන්නට උත්සාහ දරනවා

0
16

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ අය අදටත් දේශපාලනයේ හා පොලිස් නිලධාරීන් ලෙස සේවය කරන බවත් එම නිසා යුක්තිය ඉල්ලා කොතරම් කෑ ගැසුවත් එය නොසලකා හැර ඇති බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවැසීය.

රටේ ප්‍රබලයෝ පාස්කු ඉරිදා ප්‍රහාරය කාපට් යට සඟවන්නට උත්සාහ කරන නමුත් කතෝලිකයන් වශයෙන් අපට යුක්තිය ඉටු වන ලෙස දිගටම යාච්ඤා කරන බව ශුද්ධ වූ මහා සාන්තියාගු මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් පැවැති දිව්‍ය පූජා යාගයේදී අනුශාසනාවක් කරමින් පැවැසුවේය.

එසේම තවමත් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැඳුරේ තිබූ අත්බෝම්බය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර නොමැති බවත් එම අත්බෝම්බය තබා තිබුණේ පසුගිය ආණ්ඩුවේ සිටි බලවතුන් සහ ආරක්ෂක අංශයන් බවට හෙතෙම චෝදනා කළේය.

මිතුන් ජයවර්ධන