මළසිරුර හඳුනාගන්න පොලිසිය සහාය පතයි

0
21

මිනුවන්ගොඩ මාබොදල දඹුවවත්ත ප්‍රදේශයේ පිහිටි වතුයායක් අසල මහා මාර්ගයේ මියගොස් සිටි පිරිමි අයකුගේ මළසිරුර හඳුනාගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය  මහජන සහාය පතයි.

මරණකරු අවුරුදු 55ක් පමණ වයසැති අයෙකි. රතු පාට ෂර්ට් එකකින් සහ කොට කලිසමකින් සැරසී සිට ඇති අතර ඉකුත් 27 වැනිදා හමුවී ඇති මළ සිරුර වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඥාතීන් සිටී නම් ඉදිරිපත් වන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0112295222 – ලබාගත හැකිය.  

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල