බූරුපොළේ පිහි ඇනුමින් අයෙක් මරුට

0
20

ගල්කිස්ස ප්‍රදේශයේ බූරුපොළක ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් සිදු වූ පිහි ඇනුමකින් ඊයේ (31දා) අලුයම පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ හතළිස් හැවිරිදි පුද්ගලයා මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට ලක්වී ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි දෙදරු පියෙකි. ඝාතනය කළ තැනැත්තා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ගල්කිස්ස පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

ගල්කිස්ස – ජානක ගෝමස්