පෝලිමට පිටින් පැන පෙට්රල් ගන්න ගිය යුවළක් පොලිස් භාරයට

0
16

පිටවීමේ ‍ෙදාරටුවෙන් යතුරුපැදිය ඇතුළු කර පෙට්රල් ලබා ගැනීමට උත්සාහ කළ පිය පුතු යුවළක් පෙරේදා (30දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 45 සහ 25 වියැති පිය පුතු යුවළකි.

පෙරේදා රාත්‍රි පෙට්රල් නිකුත් කරමින් සිටියදී පිය පුතු යුවළ පිටවීමේ ‍ෙදාරටුවෙන් යතුරුපැදිය ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී පෝලිමේ සිටි අනෙක් පුද්ගලයන් විරෝධය දක්වා ඇති බවත් ඒ අනුව යතුරුපැදිය ඉවත් කරගන්නා ලෙස පොලිසිය කළ දැනුම්දීමේදී අවනත නොවීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන යතුරුපැදිය භාරයට ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය. ඒ අනුව සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොතුපිටිය – සුමිත් රණවක