පොලිස් අධිකාරි රාජකාරියට ගිය අතරේ ගේ හොරු බිඳලා

0
43

දැනටමත් රාජකාරියේ නියුතු පොලිස් අධිකාරිවරයකු පදිංචි පානදුර ප්‍රදේශයේ නිවෙසකට මහදවාලේ ඇතුළු වී එහි තිබූ රන් භාණ්ඩ තොගයක් සොරකම් කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

සාලයේ ජනේලය උල් ආයුධයකින් කඩා ඇතුළු වී නිවෙසේ තිබූ රන් අත්පලඳනාවක් සහ රන් මුදුවක් සොරකම් කර ඇති බවට දැනට හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගියදා (28දා) දිවා කාලයේ අදාළ පොලිස් අධිකාරිවරයා සහ නිවෙසේ කිසිවකු නොසිටි අවස්ථාවේ සාලයේ ජනේලයක් උල් ආයුධයකින් කඩා නිවෙසට ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයිද පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන අනුව සැකකරුවන් සොයා මෙහෙයුම් කරන බව උසස් පොලස් නිලධාරියෙක් පැවැසුවේය.

පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයාන් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය – සුමිත් රණවක