ගෙලට පිහියක් තබා ලක්‍ෂ හතරකට අධික රන් බඩු කොල්ලකාලා

0
14

වැල්ලවාය පොලිස් වසමට අයත් රන්දෙණියවත්ත ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (30දා) රාත්‍රි අටට පමණ ඇතුළුවූ තරුණයන් දෙදෙනකු ගෙහිමියාගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජනය කොට ඔහුගේ ගෙල බැඳි රුපියල් හාරලක්‍ෂ අසූදෙදහසක රන් මාලයක් සහ රන් අත්පලඳනාවක් කොල්ලකා ඇතැයි වැල්ලවාය පොලිසියට පවසයි.

ඩිපෝ පරීක්‍ෂකවරයකු වන පනස්තුන් හැවිරිදි ගෙහිමියා රාත්‍රි අටට පමණ නිවෙස ඉදිරිපිට යතුරුපැදියක් නතර කර ඇති බව දැක ඒ පිළිබඳව විපරම් කිරීමට යෑමේදී එහි පැමිණි තරුණයකු මෝටර්සයිකලේ ඉන්ධන නොමැති බවත් අසල වෙළෙඳසලකින් පෙට්රල් ගැනීමට හිස් බෝතලයක් අවශ්‍ය බව පවසා තිබේ.

ඒ සමඟම තරුණයන් දෙදෙනා එකවරම ඔහුගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජනය කොට පුටුවක වාඩිකර රෙදි පටියකින් මුහුණ සහ අත්පා බැඳ ගෙල බැඳි රන් මාලය සහ රන් අත්පලඳනාව ගලවාගෙන යතුරුපැදියේ නැඟී පලාගොස් ඇත.

බිබිල – නඳුන් ගුණතිලක