‘ගෙදර යන්න’ කිව්වට මට යන්න ගෙයක් නෑ

0
56

ගෙදර යන්න යැයි කියුවද තමාට යෑමට ගෙයක් නැතැයි ජනපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

පෙළපාළි ගොස් “රනිල් ගෙදර යන්න” යැයි පැවසුවද එය පලක් නොවන බවද හෙතෙම කීය.

මහනුවර ජනපති මන්දිරයේ ඉකුත්දා 30 පැවැති හමුවකදී ජනපතිවරයා ඉල්ලා සිටියේ “කරුණාකරලා ඒක කරන්න එපා” යන්නය.

තමාට යෑමට ගෙයක් නොමැති නිසා විශාල සෙනඟක් ගෙන්වා මාස හයක් ඇතුළත යළි තම නිවෙස ගොඩනංවා දෙන ලෙසද ජනපතිවරයා ඉල්ලීය.

ඉන් පසුව ඒ ගෙදර පසු කරගෙන පෙළපාළි ගොස්  “රනිල් ගෙදර යන්න” යැයි පවසන ලෙසද ජනපති සඳහන් කළේය.

එසේත් නොමැතිව ගෙදරක් නැති මිනිසකුට ගෙදර යන්නැයි කීම පලක් නොවන කාලය නාස්ති කිරීමක් බවද ජනපතිවරයා සඳහන් කළේය.

“ගම හදන්න නැත්නම් මගේ ගෙදර හදන්න. ඒ දෙකින් එකක් කරන්න රනිල් ගෙදර යන්න කියන්න එපා” යැයිද ජනපති අවධාරණය කළේය.

සඳුනි ගමාරච්චි, මහනුවර – කේ.එල්. සුරවීර