කෝටි 15ක මැණික් සේප්පුව ඉස්සූ මහ මොළකරුවන් අල්ලයි

0
21

රුපියල් කෝටි 15ක් වටිනා මැණික් ගල් සේප්පුවක් ඉස්සූ පුද්ගලයන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්ත, ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයෙන් මෙම මැණික් ගල් අඩංගු සේප්පුව සොරකම් කර තිබිණි.

2022 ජූලි 8 වැනිදා කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත කෙරුණු මෙම විමර්ශනයේදී හෙළි වී තිබුණේ රුපියල් 158,735,000ක් වටිනා මැණික් ගල් මෙම සේප්පුවේ අඩංගුව තිබූ බවය. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනයේදී ඉකුත් 30 වැනිදා ග්‍රෑන්ඩ්පාස්, තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී සොරකම් කරන ලද මැණික් ගල් 16ක් සහිත සේප්පුව සොයාගෙන තිබිණි. සොරකම සඳහා භාවිත කළ වෑන් රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සොරකමට සම්බන්ධ ඉතිරි සැකකරුවන් සහ මැණික් ගල් සොයාගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

අවුරුදු 23ත් 25ත් වයසැති සැකකරුවන් මාලිගාවත්ත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කීර්ති මෙන්ඩිස්