කොවිඩ් ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

0
19

මේ වන විට ශ්‍රී  ලංකාවෙන් හමුවන කොවිඩ් වයිරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බව ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අසාත්මිකතා හා ප්‍රතිශක්තිකරණවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

තම ආයතනය මඟින් කළ ජාන විශ්ලේෂණ පරීක්ෂණ අනුව දැනට කොළඹ ආශ්‍රිතව වේගයෙන් පැතිරෙන මෙම ප්‍රභේදය ඕඒ 5 නමැති ඔමිකේ‍රා්න් ප්‍රභේදය බව හඳුනාගෙන ඇති බවත් එය ශ්‍රී  ලංකාවෙන් සොයා ගත්තේ පළමුවරට බවත් ආචාර්ය ජීවන්දර ප්‍රකාශ කළේය.

මේ වන විට කොළඹ ආශ්‍රිතව වේගයෙන් පැතිර යන මෙම වයිරස් රෝග තත්ත්වය රට පුරාම පැතිර යෑමේ අවදානමක් ඇති බවත් එයින් රට තුළ දරුණු තත්ත්වයක් ඇති විය හැකි බවත් ඔහු කියා සිටියේය. සෞඛ්‍ය අංශ මේ  සඳහා වහා සූදානම් විය යුතු බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විනීතා එම්. ගමගේ