අංජන බස් වර්ජනයකට සැරැසෙයි

0
11

පෞද්ගලික බස් සඳහා අවශ්‍ය ඉන්ධන නිසියාකාරයෙන් ලබා නොදීම නිසා ඉදිරි දින කිහිපය. ඇතුළත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් ‘මව්බිම’ට පැවැසීය.

ලංගම ඩිපෝ මඟින් දෛනිකව ඉන්ධන ලීටර් 40-50 අතර ප්‍රමාණයක් දුන්නද එය කිසි විටක ප්‍රයෝජනවත් නොවන බවත් පවතින මේ අර්බුදයට විරෝධය දක්වමින් මේ වන විටත් දිවයින පුරා බස් රියැදුරන් හා කොන්‍ෙදාස්තරවරුන් වර්ජනය කරන බවත් ප්‍රියංජිත් මහතා කීය.  මේ වන විට පාසල් ආරම්භ කර ඇතත් දරුවන් හා ගුරුවරුන් අනාරක්ෂිතව ගමන් ගන්නා බවද ඔහු සඳහන් කළේය. ආණ්ඩුව වරින් වර මේ සඳහා විසඳුම් ගන්නා බව පවසමින් සිටින නමුත් තවමත් බස් කර්මාන්තය නඟාසිටුවීමට හෝ පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්ෂණික හා තිරසර විසඳුම් ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.

මිතුන් ජයවර්ධන