පහළොස් කෝටියක් වටිනා මැණික් ගල් සොරාගත් දෙදෙනෙක් පොලිස් දැලේ

0
1152

කුරුඳුවත්ත, ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් ජූලි 8 වන දා රුපියල් 158,735,000 වටිනා මැණික් ගල් අඩංගු සෙප්පුවක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (ජූලි 31) දිනයේදී ග්‍රෑන්ඩ්පාස් තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 10 මිලිග්‍රෑම් 385ක් ද පොලිසිය සොයා ගෙන ඇති බව ය.

සැකකරුවන් වයස අවරුදු 23ක් සහ 25ක් වූ ළූණුවත්ත, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවවෝ වෙති.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ පරිදි සොරකම් කළ මැණික් ගල් 16ක්,සොරකම සඳහා භාවිත කළ වෑන් රථයක් සහ ජංගම දුරකතන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

සොරකමට සම්බන්ධ ඉතිරි සැකකරුවන් සහ මැණික් ගල් සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (ජූලි 31) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.