සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා කළ යුත්තේ, පක්ෂ නායකයින් සමග මිස තනි තනි මන්ත්‍රීවරුන් සමග නොවන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට වෙනුවෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට සහය දැක්වීමට සූදානම් බව ය.
පක්ෂ දේශපාලන වශයෙන් බෙදා වෙන් කිරීමේ න්‍යාය පත්රයකට වත්මන් ජනාධිපතිවරයා පැමිණ ඇතැයි සැකයක් පවතින බව ද තිස්ස අත්තනායක මහතා මෙහිදී සඳහන් කළේ ය.
මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
“සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා කල යුත්තේ, පක්ෂ නායකයින් සමග. එහෙම නැතුව තනි තනි මන්ත්‍රීවරු සමග නෙවෙයි. ජාතික වගකීම ඉෂ්ඨ කරන්න ඔක්කොම සූදානම්. වෙන වෙන ම මන්ත්‍රීවරුන්ට කතා කරන්න යාම හරහා පක්ෂවල අර්බුද මතු වෙනවා. විශේෂයෙන් ම පක්ෂ දේශපාලන වශයෙන් බෙදා වෙන් කිරීමේ න්‍යාය පත්‍රයක ජනාධිපතිවරයා ගිහිල්ලා තිබෙනව ද කියන එක ලොකු සැකයක් අපට තියෙනවා. අපි ජනාධිපතිවරයාට කියන්න කැමති මේ මොහතේ රටේ ආර්ථික සමාජ දේශපාලන අර්බුදය විසඳන්න ජාතික වගීමකින් යුතුව හැමෝගෙ ම සහය ගන්න ඕන නම් කළ යුතුව තිබෙන්නේ, සර්ව පාක්ෂක එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂවල නායකයින් සමග ඒ අදහස් හුවමාරු කර ගැනීම මිස, තනි තනිව ම මන්ත්‍රීවරුන්ට කතා කිරීම නෙවෙයි. අපි සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට උදව් කරන්න ලෑස්ති රට වෙනුවෙන් ඒ හැර තනතුරු භාර ගන්න ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙන්න කිසි විටෙක සමගි ජන බලවේගයේ කවුරුත් නැහැ කියන එක කියන්න කැමතියි.”
කිසිම දෙයක් එපා මේ රට කෑවේ උඹලාම තමයි.. සේරම පලයල්ලා… තොපි දෙගොල්ලොම
Comments are closed.