QR ක්‍රමය හෙට සිට: අවසාන අංකයට අනුව තෙල් දීම නවතී

0
287

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට (අගෝ: 1) සිට දිවයින පුරා ඉන්ධන හල් තුළ සිදු කෙරෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒත් සමග හෙට සිට වාහන අංකයේ අවසාන අංකය සඳහන් දිනයට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අහෝසි වී යන බව ද එම අමාත්‍යංශය පැවසීය.

ජාතික ඉන්ධන අවසර පත සඳහා මිලියන 4කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී තිබේ.

සිපෙට්කෝ (CEYPETCO) ඉන්ධන හල් සේම LIOC ඉන්ධන හල් ද QR ක්‍රමවේදයට අනුගතව හෙට සිට ඉන්ධන බෙදා හැරීම සිදු කිරීමට නියමිත ය.

මීට අදාළ අත්හදා බැලීම් දිවයින පුරා ඉන්ධන හල් රැසක් පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කර තිබිණි.