කොළඹ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

0
294

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද මාර්ගයේ ඊයේ (ජූලි 30) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, 51 හැවිරිදි කොටහේන විවේකානන්ද පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව ය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.