QR ක්‍රමය හෙට සිට

0
19

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට (01දා) සිට දිවයින පුරා…

 ඉන්ධන හල් තුළ සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ සමඟ හෙට (01දා) දින සිට වාහන අංකයේ අවසාන අංකය සඳහන් දිනයට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අහෝසි වී යන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මේ සඳහා හඳුන්වා දුන් නව යෙදවුම සඳහා මිලියන 4කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී තිබේ.  සිපෙට්කෝ (CEYPETCO) ඉන්ධහල් සේම LIOC ඉන්ධන හල්ද QR ක්‍රමවේදයට අනුගතව හෙට සිට ඉන්ධන බෙදා හැරීම සිදු කිරීමට නියමිතය. මීට අදාළ අත්හදා බැලීම් දිවයින පුරා ඉන්ධනහල් රැසක් පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කොට තිබිණි.

චාමර අමරසූරිය