දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් සහ සංචාරක කලාපවල පිහිටි සංචාරක නවාතැන් සහ සංචාරක සේවා සපයන ආයතන සඳහා මෘදු මන්පැන් අලෙවි කිරීමට කොන්දේසිවලට යටත්ව අවසර ලබා දී තිබේ.
සුරාබදු ආඥා පනතේ (52 වන අධිකාරිය) 25 වන වගන්තිය සමග කියවිය යුතු 32 වන වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිතාකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය නම්‍යශීලී උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස ක්‍රියාත්මක වන මෙය, රට පුරා පිහිටි සංචාරකයින්ගේ සුවපහසුව පිණිස ආහාර පාන සපයනු ලබන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපන ශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනා ගනු ලැබ ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතන වෙත පැවරී තිබේ.
ඒ අනුව, එම ස්ථානවලට වයින් සහ බියර් ඇතුළු පැසවීම මගින් නිපදවා ගනු ලබන මත්පැන් (මෘදු මත්පැන්) පමණක් කොන්දේසි සහ සීමා කිරීම්වලට යටත්ව අලෙවි කිරීමට අවසරය ලබා දී ඇත.
එසේ ම, එම මෘදු මත්පැන් අලෙවිය සඳහා අවශ්‍ය කෙරෙන බලපත්‍රය වාර්ෂිකව රුපියල් 25,000.00ක මුදලකට යටත්ව අලෙවි කිරීමට නියමිත ය.
අදාළ රීති ජූලි මස 28 වන දින සිට බලාත්මක වන කෙරන බව ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.


මේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් නොවෙයි…. පවතින තත්වය ඔව්න්ට කැමති පරිදි කලමනාකරනය කිරීමක්. සංවේගයෙන් නැති රටක මේ හදන්නේ වක්‍රාකාරයෙන් මත්දමත්ද්රව් ව්‍යාප්ත කිරීම. ලොකේ බොහෝ රටවල මෙය සිදූවුනා. විශේෂයෙන් අප්‍රිකානු රටවල. රටේ අරාජිකත්වක් ඇති මේ අවස්තාවේ එය හිතා මතාම තීවුර කිරිම සැගවුනු න්යායපත්රකරුවන්හේ අරමුණයි. ගම තව දුරටත් නොපවතිනු ඇත.
ඒක හරි, අප්‍රිකාවේ රටවල පැය 24 පුරාම බාර් අරින්න පුළුවන්, ඔය එක්කම ගණිකාවන් වැඩිවෙන්න ගන්නව, මිනිස්සු ගොඩක් බොනකොට ප්‍රශ්ණ අමතක වෙනවා, රට වෙනුවෙන් හඩ නගන්න එවුන් අඩු වෙනව, මන් අද්දැකීමෙන් කියන්නෙ, අප්‍රිකා රටවල අවුරුදු 7ක් හිටපු නිසා
sirawatama jagath.. godak africa ratawal wala unta kochchara prashna tibbath un Don’t care. beer onama shop ekaka gahanna puluwan… atal eke kana gaman unat beer gahnawa
Truth….
ඒක නම් හොද වැඩක්
Comments are closed.