‘පස් පොඩ්ඩා’ සමග වෙඩි කෑ තවත් අයෙක් මරුට

0
477

‘පස් පොඩ්ඩා’ ඇතුළු පිරිසක් ඉලක්ක කර ගනිමින් ගම්පහ අධිකරණ සංකිර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තව ත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද (ජූලි 30) අලුයම ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකි.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘පස් පොඩ්ඩා’ හෙවත් සමන් රෝහිත පෙරේරා එම වෙඩි තැබීමෙන් මීට පෙර ජීවිතක්ෂයට පත් විය.

ඝාතන නඩුවකට පෙනී සිට අධිකරණයෙන් පිටතට පැමිණ කැබ් රථයකින් යළි නිවස බලා යන අවස්ථාවේදී පසුගිය බදාදා (ජූලි 27) ඔවුන් වෙඩි ප්‍රහාරයට ලක්වී තිබිණි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මේ වනවිටත් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ කණ්ඩායමක් හෝ ගම්පහ ප්‍රබලයන්ගේ කණ්ඩායමක් මෙම වෙඩි තැබීම පිටුපස සිටින බවට පොලිසිය සැක පළ කරයි.