අගෝස්තු 9ට පෙර සූදානමක්

1
769

රටේ නැවත කලහකාරී වාතාවරණයක් අගෝස්තු 9 වන දා ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සඳහා එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද ඒ වෙනුවෙන් දිනයක් හා වේලාවක් වෙන්කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද එම ප්‍රකාශකයා කීය.

පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බව හෙතෙම පැවසීය.

රටේ නැවත අරගලකාරී තත්ත්වයක් ඇති වීම පිළිබඳ සමාජ කතිකාවක් ඇතිවී ඇති බව ත් යම් විදිහකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මේ මොහොතේ සන්සුන් වී ඇති රට නැවත අස්ථාවරත්වයට පත්විය හැකි නිසාත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ත් ඔහු කීය.

එවැනි අරගලයක් ඇති වුවහොත් කිසිවෙකුට හානියක් නොවන ආකාරයෙන් එය මැඩපැවැත්වීමටත් ඒ සඳහා ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ඇතුළු උපායමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

ඊට අමතරව රටේ ජාතික ආර්ථිකය ගොඩනැගීම, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ලබා දීම, පොහොර සැපයීම, ගෑස් හා ඉන්ධන සැපයීම, ඖෂධ සැපයීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී මූලික අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා කීය.

1 COMMENT

  1. Oya sakacca koccara karath wdakna kulivada karana ayatha mokada dunna sahane viyapara navaththala siminthi mitiyak kiyada balanda okkotama Kalin theltikai gas tikai anivarayenma ona de siminthi Takae mila adukaranda meka godakma balapala thiyenne siminthi vadabim vahala ai siminthi kotte adukaranda bari edavela hoyagaththe evagen okkoma natharakarala oyalara othana edagena karanda denna merate minissu eka hodata kalpanakarala oluvak athiva vadakaranda eka ekage badaval purava ganda hadanda epa karana de hariyata karanda

Comments are closed.