ලංකාව දාලා රට පනින්න හැදුවට යන්න හදන සුරපුරේ ප්‍රශ්න ගොඩ මෙන්න

0
104

සිය රට දේ සිරි සැප දේ යැයි පැවැසුවද ගෝලීයකරණයත් සමඟ පිට රට දේ සිරි සැප දේ පවසන යුගයක් උදාවී තිබෙයි. එසේ සිතා සංවර්ධිත යැයි සම්මත රටවලට ගියද යන අය ගත කරන්නේ දෙව් ලොව සැප පිරි දිවියක්ද? සුර සැප පිරි රටවල් අතර කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව බි්‍රතාන්‍ය, ස්විට්සර්ලන්තය ආදී වශයෙන් වූ රටවල් ගණනාවක නම් බොහෝ දෙනකුගේ සිහින දේශයන් අතර පවතියි. කැනඩාව වැනි රටක රාත්‍රියක හිසට සෙවණක් නැති ජන සංඛ්‍යාව 25,000-30,000ක් පමණ වෙයි.

ඇමරිකාවේ 580,466කට පමණ නිවාස අහිමි බවට ඇස්තමේන්තුගත කර ඇත. ඕස්ට්‍රේලියාවේ දිනකට මහමඟ නිවහන කරගත් ගණන 552,830කි. ඔස්ට්‍රේලියානුවන්ගෙන් දෙසිය දෙනකුගෙන් එක් අයකුට රාත්‍රිය පහන් කිරීමට ආරක්ෂිත ස්ථානයක් නොමැතිය. දිළිඳු රටක ජීවත් වන්නකුටත් වඩා ඕස්ට්‍රේලියාවේ මහමඟ ජීවත් වන්නන්ගේ ආයු අපේක්ෂාව අඩු බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙයි. එරට නිවහනක් නැති පිරිමියකුගේ ආයු අපේක්ෂාව 45 – 47 අතර වෙයි.

උග්‍ර සීතල නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු ආයු කාලය අඩු කිරීමට හේතු වී තිබෙයි. සුරඟන පුරවරය ලෙස හ¾දුන්වන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවාස නැත්තන්ගේ අගනුවර ලෙස ප්‍රකටය. එහෙත් ඒ බව ලොව වැඩි දෙනෙක් දන්නේ නැත. ලෝ පසි¾දු හොලිවුඩ් සංකේතය ලොස් ඇන්ජලීස් පුරයේ දිලෙන්නේ 44,000කට වැඩි පිරිසකට උන් හිටි තැනක් නැති තැනකය.

ලොස් ඇන්ජලීස් ගං ඉවුර නිවාස නැත්තවුන් වැඩි දෙනකුගේ නිවහන වන්නේය. සැන් ෆර්නැන්ඩු නිම්නයේ සිට ගලා යන ලොස් ඇන්ජලීස් ගඟ සැතපුම් 48ක් පමණ දිගට ගලා බසියි. පාලම් යට, දුම්රිය මාර්ගවල දිවි ගෙවන්නන්ගේ ගණන අති විශාලය. ගං ඉවුරේ දිවි ගෙවන්නන් කුණාටුවලට වාගේම ගං වතුර තර්ජනවලටද නිතර මුහුණ දෙයි. මේ ගං ඉවුර නිතරම වාගේ දැවැන්ත හොලිවුඩ් නිර්මාණයන්ට දර්ශන තලයක් ලෙස යොදා ගනියි.

#
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර 57,000ක ජනකායකට නිවාස නැතත් ඉන් සියයට අනූ පහකට පමණ බලධාරීන් විසින් තාවකාලික නිවාස සපයා දී ඇත. ලොස් ඇන්ජලීස්හි නිවාස නැත්තන් වැඩි දෙනකු බඩු බාහිරාදිය තබා ගන්නේ සුපිරි වෙළෙඳසල්වල ඇති මිලදී ගන්නා භාණ්ඩ දැමීමට ඇති කරත්තවලය. පාලම් යට ජීවත් වන්නන් ඇ¾දුම් දැල් වැටවල්වල වනා පරිසරය අපිරිසුදු කරමින් ගත කරන ජීවිතය දැකීමට රූගත කිරීම්වලට පැමිණෙන හොලිවුඩ් තාරකාවන් කිසිසේත්ම ප්‍රියමනාප නොවනු ඇත. ඉරුණු කූඩාරම්වල, මං මාවත්වල නිදා ගන්නා කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටද රාත්‍රිය ඉතා දිගුය.

එපමණක් නොව කුමන මොහොතේ අපචාරයකට, මරණ තර්ජනයකට ගොදුරු වේදැයි කිව නොහැකිය. එනිසා ඔවුන්ගේ දිවිය හොලිවුඩයේ ත්‍රාසජනක සිනමා පටයක් බඳුය. පිනට සිතැත්තෝ නිවාස නැත්තන්ට සූර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි පද්ධතියක් සමඟ කුඩා කුටියක් නිදා ගැනීමට සාදා දෙති. එහෙත් මිලියන ගණනක අවශ්‍යතාව කිසිවකුටත් සපුරාලිය නොහැකිය. එපමණක් නොව එවැනි කුටි සාදා දෙනවාට බලධාරීන් එරෙහි වන අවස්ථාද තිබෙයි.

ඇතැම් විට නිවාස හිමි අසල්වාසීන්ද මාවත්වාසීන්ට කුඩා නිවාස ලබා දෙන විට පොලිසිය, අමතා එය වැළැක්වීමට උත්සාහ ගන්නා අවස්ථා තිබෙයි. සැන් ෆ්රැන්සිස්කෝ වැනි නගරවල නිවාස නැති සංඛ්‍යාව වැඩි වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම් අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ නංවමිනි. ඇමරිකාවේ ෆ්ලොරිඩාහි, ඩිස්නි වර්ල්ඩ්, ආසන්නව දහස් ගණන් නිවාස අහිමි ජනතාව ජීවත් වෙයි. ඩිස්නි වර්ල්ඩ් සලකන්නේ පෘථිවියේ මායාකාරීම ස්ථානය ලෙසය. ලෝකවාසීන් මිලියන ගණනක් වාර්ෂිකව එහි පැමිණෙති. ඔවුන් පැමිණ විප්‍රකාර සිහින ලෝකය යථාර්ථයක් කර ගනිද්දී හිසට සෙවණ අහිමි විසල් ජනකායක් සිහින දකින්නේ තමන්ගේම කියා නිවහනකටය. ඩිස්නි වර්ල්ඩ් කරා යන මාවතේ තාවකාලික නිවහන් එක පෙළට තිබෙනු දැකිය හැකිය.

සමහරු බස් නැවතුම්පොළවල්වල ජීවත් වෙති. තවත් අය නිවහන කර ගන්නේ සිය මෝටර් රථය ය. දවසින් දවස මේ ස්ථානයට එක්වන පිරිස වැඩි වෙමින් පවතියි. කොවිඩ් – 19 වසංගතය නිසා රැකියාව අහිමි වූවෝ ඒ අතර සිටිති. බාල, තරුණ, මහලු සුදු කළු භේදයක් මෙහි නැත. ඇතැමුන් මෙහි පැමිණෙන්නේ නිවාස කුලිය ගෙවීමට අපොහොසත් වූ විටය. සමහරු තම තාවකාලික නිවහන පවා කුලියට දෙන්නේ ජීවනෝපාය සරිකර ගැනීමටය. මාසික කුලිය ඇමරිකානු ඩොලර් 1200 – 1400ක් පමණ වෙයි. මෙවැනි තැන්වල සතියකට දෙකකට වඩා නවාතැන් ගැනීමට ඉඩ දෙන්නේ නැත.

ඇතැම් නවාතැන්පොළවල් කැරපොත්තන්ගේ රාජධානිය. පුස් ගඳ පිරුණු පැල්ලම් ඇති මෙට්ට තිබෙන කාමරවල නිදා ගැනීම බොහෝ දෙනකුට ජුගුප්සාජනක අත්දැකීමකි. රාත්‍රියට බොහෝ දෙනකුට නින්ද නොයන්නේ ‍ෙදාර හා පොළොව අතර ඇති හිදැසින් සර්පයකු වැනි විසකුරු සතකු කුමන මොහොතක පැමිණේවිදැයි නොදන්නා බැවිනි. අනේවාසිකයන් අතර යමක්කමක් තිබූ රටට යම් සේවයක් කළ පුද්ගලයෝ සිටිති. හිටපු මැරතන් ශූරයකු වූ පනස් හැවිරිදි ස්ටීව් රම්ප් සිය මෝටර් රථය නිවාසය කරගත්තෙකි.

ඔහුට අපරාධ නීතිය පිළිබඳ උපාධියක්ද ඇත. ඔහු ගෑස්වලට මුදල් ගෙවීමට ගිය විට මෝටර් රථයේ තිබූ ඔහුගේ හැ¾දුනුම්පත ඇතුළු වැදගත් ලියවිලි කවුරුන් හෝ විසින් සොරකම් කර තිබිණි. ස්ටීව් ජීවත් වන්නේ සිය රුධිර ප්ලාස්මා විකිණීමෙනි. ප්ලාස්මා අලෙවියෙන් ඔහු මාසයකදී ඩොලර් 800ක් උපයා තිබෙයි. මෙවැන්නන්ට පිහිට වන අයද ඇමරිකාව වැනි රටවලින් පවා කලාතුරකින් හෝ හමුවෙයි. පුදුමයට කරුණක් නම් තාවකාලික නිවාසවල ඇතැම් ඩිස්නි වර්ල්ඩ් සේවකයන් ජීවත් වීමය. එහෙත් රැකියාව අහිමි වන නිසා ඔවුහු එය රහසක්ව තබා ගනිති. සමාජය විසින් නිවාසයක් නැත්තන් කොන් කරනු ලබයි. හිසට වහලක් නැති අයට දහඅට වසරක් පුරා පිහිට වන බාබි ඔස්ට්රිවයා වැන්නන් ඉතා විරලය. 9/11 ප්‍රහාරයෙන් 2001 සැප්තැම්බර් 11 වැනි දින ලෝක වෙළෙඳපොළට එල්ල කළ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ඇය විෂාදීය තත්ත්වයෙන් මිදීම සඳහා නිවාස නැත්තන්ට උදවු කිරීමේ සද්කාර්යය පටන් ගත්තාය.


ඇමරිකාවේ උතුරු ෆිලඩෙල්ෆියාවේ කෙන්සිංග්ටන් මාවතේ උදෑසන ඇවිද යන්නකුට මාවතේ වැතිර සිටි පුද්ගලයන් අවදි වී දවසේ රාජකාරි සඳහා පිටව යනු දැකිය හැකිය. දවස නිමා වන විට නැවත ඔවුනගේ නවාතැන්පොළ වන්නේ උදෑසන සිටි තැනමය.
සැන්ඩියාගෝවල වසර ගණන් මහ මාවත මෙන්ම සිය මෝටර් රථය නිවෙස කරගෙන මහ මාවතේ ජීවත් වන්නන් දැකිය හැකිය. එවැනි වාහන නිවාස තිහකට වඩා දැකිය හැකිය. මේ අය අතර රියැදුරන්, මුරකරුවන්, පිරිසුදු කරන්නන්, ලේකම්වරුන් වාගේම පරිගණක තාක්ෂණික ශිල්පීන්ද සිටියි. පිරිමින් පමණක් නොව ගැහැනුන්ද මෝටර් රථ නිවහන්වලට හිමිකම් කියයි. සමාජ සේවා ආයතන ඔවුනට වැසිකිළි, ජල අවශ්‍යතා වැනි මූලික පහසුකම් සලසා දී තිබෙයි. තමන්ට අවශ්‍ය පරිදි කෑම බීම පිසගත හැකි මුළුතැන්ගෙයක්ද සාදා දී ඇත.

වැටුපක් ගත්තද එය නිවෙසක කුලිය ගෙවීමට තරම් ප්‍රමාණවත් නැති නිසා සමහරු තෝරා ගන්නේ මහ මඟයි. විවාහ ජීවිතය අසාර්ථකවූවන් මහ මඟට වැටී සිටින අවස්ථාවන් බොහොමයක් දැකිය හැකිය. ලොවට රහසක් වුණත් ඇමරිකාවේ පහළ මධ්‍යම පාන්තිකයන් බොහොමයක් මහමඟට වැටෙන තරම් දිළි¾දු තත්ත්වයට පත්වී ඇත. කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් තත්ත්වය වඩාත් බරපතළ වී තිබෙයි.
ඇමරිකාව බොහෝ ආර්ථික ඉලක්ක ජය ගෙන තිබුණද මිලියන 43 කට වැඩි පිරිසක් දිළිඳු භාවයෙන් පීඩා විඳිති. එය වසර පනහකට පෙර පැවැති ගණන මෙන් දෙගුණයකි. දරුවන් මිලියන 15කට නිවාස අහිමිය. එරට විරැකියාව සියයට හතරකටත් අඩුය. නිවාස නැති පුද්ගලයන්ට බලධාරීන් කුරිරු ලෙස නීති ක්‍රියාත්මක වන අවස්ථා ඇති නිසා මහමඟ ජීවිතය අතුරේ යෑමක් මෙන් භයානකය. ලෝකයේ ධනවත්ම රටේ දුප්පතකු ලෙස ජීවත් වීම සුරලොව පෙනි පෙනී අපායට යෑමක් වැනිය.


වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් අගනුවර කාර්මික පුරවරයකි. නිවාසවල කවුරුන් හෝ නතර කරගතහොත් බලධාරීන් පැමිණෙන්නේ අපරාධකරුවකු අල්ලා ගැනීමට පැමිණෙන විලාසෙනි. නිවෙසක් නැති සමහරුන් නතර වන්නේ හෝටල්වලය. වසර ගණන් හෝටල්වල නතර වී සිටින්නෝ ද සිටිති. එහෙත් එසේ නතර වීමට තරම් මුදලක් වැඩි දෙනකුට නොලැබෙයි. හෝටල් කාමරයකට යුරෝ තිස් දහසක් පමණ ගෙවිය යුතුය. එහෙත් තට්ටු නිවාසයක නතර වීමට ඊට වඩා මුදලක් ගෙවිය යුතුය. ඇපලේචර් ඇමරිකානු සිහිනය බොඳ කරන මාවත් දිළින්දන් සිටින තවත් පුරවරයකි. දිළිඳු පුද්ගලයන්ට ආහාර කූපන් පත් පවා ලබා දෙයි. ලාබ නොලබන සංවිධාන, පුද්ගලයන් ආහාර හා වෛද්‍ය පහසුකම් ලබා නොදෙන්න වැඩි පිරිසක් මරු තුරුලට යෑම වළක්වාලිය නොහැකිය.

ඇතැමුන් දවසේ ආහාර වේල ජීවිතයේ එකම අරමුණ කරගෙන සිටින්නේ කුසගින්න සියලු සත්ත්වයන්ගේ ගිනි අවුළන ගින්න බැවිනි. ඇමරිකානුවකුට රෝගී වීම කෙළින්ම මාරයා වැලඳ ගැනීමක් හා සමානය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලොව වැඩිම මුදලක් වැය කිරීමට සිදුවන්නේ ඇමරිකානුවකුටය. එනිසා නොමිලේ ප්‍රතිකාර කරන ජංගම වෛද්‍ය ප්‍රතිකාර ගැන කන වැකුණු විට සැතපුම් ගණන් ගෙවා ලක්ෂ ගණනින් ජනයා එහි පැමිණෙති. පළමුව පැමිණි තැනැත්තාට පළමුව ප්‍රතිකාර කරන බැවින් සැවොම උත්සාහ දරන්නේ වේලාසනින්ම පැමිණීමටය. එවැනි තැනක ඇත්තේ සරණාගත කඳවුරක දසුනකි.

ටෙක්සාස් ජනපදයේ වේකෝ මාවත් වාසීන්ගේ පාරාදීසයකි. පල්ලි පනහක් පමණ ඇති 120,000 නිවාස ඇති මෙහි දශක ගණනාවක සිට අපූරු සමාජ සද්කාර්යයක් සිදුවෙයි. තිස් දෙනකු පමණ යුරෝ හැටකින් මාසිකව දායක වෙමින් කරගෙන යන ව්‍යාපෘතියට වේකෝ නගරයේ තිස් දහසක් පමණ සම්බන්ධය. ඇමරිකාවේ සෙසු ජනපදවලින්ද වේකෝ ව්‍යාපෘතියට සහාය ලැබෙයි. නිවාස නැත්තන්ට උපකාර කිරීමට ඔවුන් ඇඳගෙන යන්නේ නිවාස නැති පුද්ගලයන් මෙන් සැරසිලාය. සමානාත්මතාවේ පණිවුඩය එයින් ලබා දීමට ඔවුන් උත්සාහ ගනියි.

එයින් නොනැවතී මහමඟ නිදා ගැනීමටත් ආහාර සොයා යෑමටත් පෙලඹෙන්නේ මාවත්වාසීන්ගේ අත්දැකීම සැබෑවටම ලබා ගැනීමටය. ප්‍රදේශයේ සිඟාකෑම තහනම්ය. කුණු බක්කිවලින් ආහාර ගැනීම සොරකම් කිරීමක් ලෙස සලකන බැවින් වේකෝහි නිවාස අහිමිවූවන් සැබෑවටම අසරණය. කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හි නිවාස නැති අය අටවාගෙන සිටින තාවකාලික නිවාස දකින විට කෙනකුට සිහියට නැඟෙන්නේ ඉන්දියාවේ, දකුණු අප්‍රිකාවේ අන්ත දුගී පැල්පත්ය.මහා බි්‍රතාන්‍යයේ 274,000කට වැඩි පිරිසකට නිවාස නැති අතර ඒ අතර ළමයින් 126,000ක් පමණ සිටියි. කොවිඩ් – 19 වසංගතය මැඬලීමේදී නිවාස නොමැතිකමින් මහමඟ

නිවහන කරගත් පිරිස බි්‍රතාන්‍ය රජයට උග්‍ර ගැටලුවක් විය. 2010 සිට නිවාස ප්‍රශ්නය සියයට තිස් හතරකින් ඉහළ යෑම නිසා රජය 2027දී නිවාස ප්‍රශ්නය මුලිනුපුටා දැමීමට කටයුතු යොදමින් සිටියි. බි්‍රතාන්‍ය නගරවල මාවත නිවහන කරගෙන රාත්‍රියට මාවතේ නිදා ගන්නන්ට දඩ ගැසීමට පියවර ගෙන තිබෙයි. හිසරදයක් වී තිබෙයි. බි්‍රතාන්‍යයේ ස්ථීර පදිංචියක් නැති පුද්ගලයන්ට කැඩුණු වාහන පවා හිසට සෙවණක් ලබාදෙන අවස්ථා ඕනෑ තරම්ය.

එහෙත් බි්‍රතාන්‍යයේ යෝක්ෂයර්හි බ්රැකඩ්ෆෝඩ් වැනි ස්ථානවල ස්ථීර පදිංචියක් නැති අයට සියලු කටුක අත්දැකීම් අතර මී ගඳ සහ මී කරදර ඉවසීමට සිදුවී තිබෙයි. ලන්ඩනයේ මාවත්වල රාත්‍රියට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ නැඟෙනහිර යුරෝපීය සංක්‍රමණිකයන්ය. පෝලන්ත, බල්ගේරියා, චෙක් ජනරජය, රොමේනියාව, හංගේරියාව, යුක්රේනය වැනි රටවල සංක්‍රමණිකයන් මහා බි්‍රතාන්‍යයේ රාත්‍රි වීදි නිවහනක් කරගන්නන් අතර වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නන්ය. ප්‍රංශයේ නිවාස ප්‍රශ්නය තෙගුණ වී ඇත. එහෙත් ප්‍රංශ රජය ඒ වෙනුවෙන් කිසිදු පියවරක් නොගන්නා බැවින් මාවත නිවහන කර ගන්නා පිරිස වැඩි වෙමින් පවතියි. 2022 වාර්තාවන්ට අනුව එරට නිවාස නැති ජනගහනය සංඛ්‍යාත්මකව අඩු වශයෙන් 300,000ක් පමණ වෙති. එය 2001 වසරේ පැවැතුණාට වඩා තෙගුණයකි. කොරෝනා වසංගතයට පෙර වසරේ ප්‍රංශයේ මාවත්වල උපන් දරුවන් ගණන 146කි. එය 2017ට වඩා සිවු ගුණයකි.

ප්‍රංශයේ නිවෙසක් ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. නිවාස මිල අහස උසට ඉහළ ගොස් තිබෙයි. නිවාස ප්‍රශ්නය විසඳීමට මහජන නිවාස ක්‍රමයක් රජය විසින් හ¾දුන්වා දී ඇතත් මිලියන දෙකක් පොරොත්තු ලේඛනයේ නම එක්කර බලා සිටිති. කැනඩාව වැනි රටවල නිවාස නැත්තන් වෙඩි පහරට ගොදුරු වන අවස්ථාද තිබෙයි. පසු ගිය සතියේදී කැනඩාවේ බි්‍රටිෂ් කොළම්බියා පෙදෙසේ තුවක්කුකරුවකු නිවාස නැති මිනිසුන් ඉලක්ක කරගෙන වෙඩි තැබූ අතර දෙදෙනකු මියගියේය. කැනඩාවේ මෙවැනි වෙඩි තැබීම් විරල නමුත් කලාතුරකින් හෝ එවැනි අත්දැකීම් ලැබීමටද හිසට සෙවණක් නැති මිනිසුන්ට සිදුවෙයි. සුර පුරයන් කියා සිතන බොහෝ රටවල් උපන් දේශය තරම් සුවදායක නැත. උපන් බිමේ සුළඟත් සැපක් යැයි වැඩි දෙනකුට සිතෙන්නේ නොරටට ගොස් කබලෙන් ළිපට වැටුණු විටය.

අන්තර්ජාලය ඇසුරිනි
චම්පිකා දීපානි රණසිංහ