රතු ලූනු-බෙලි කොළ උඳුපියලියවලින් ‘සයනොසයටීස්’ රෝගය දුරලන ප්‍රතිකාරයක්

0
31

හිස් කබලේ සෙම පිරීම සයනොසයටීස් යනු බොහෝ දෙනා පීඩා විඳින රෝග තත්ත්වයකි. දිනෙන් දින වැඩිවන වයිරස් වර්ග සහ වායු දූෂණය වැනි හේතු නිසා අපගේ සිරුරට වාතය මඟින් ඇතුළුවන රෝගකාරකවලින් ආරක්ෂා වීමට අපගේ ශරීරය මඟින් ශ්ලේෂ්මල, එනම් සෙම වැඩි වශයෙන් නිපදවනු ලබනවා. මේවා නිසියාකාරව බැහැර නොවීම නිසා ක්‍රම ක්‍රමයෙන් හිස් කබල තුළ ඇති සයිනස් කුහර තුළ තැන්පත් වීම සිදු වනවා. මෙසේ කාලයක් මුළුල්ලේ එකතු වන සෙම බැක්ටීරියා ආසාදනයට ලක්වීමෙන් හා පැසවීමෙන් සයනොසයිටීස් නම් රෝග තත්ත්වය ඇතිවනවා. මෙයට නිසියාකාරව ප්‍රතිකාර නොකළහොත් දැඩි හිසරුදාව වමනය වැනි අපහසුතා ඇතිවිය හැකි අතර කල්ගත වුවහොත් පැසවූ සෙම ඉවත් කිරීමට ශල්‍යකර්ම පවා කිරීමට සිදුවනවා.

මෙම සයිනස්වලට හේතුවන කෝඨරක යනු අපගේ හිස් කබලේ පිහිටා ඇති කුහර කිහිපයක්. මෙම කුහර අස්ථිවලින් සෑදී ඇති කුඩා නාල මගින් නාසයට විවෘත වනවා. මේවා අපගේ කටහඬ නිපදවීමට හා හිස්කබලේ බර අඩු කිරීමටත් දායක වනවා. කෝඨරක ප්‍රදාහ තත්ත්වවලදී ප්‍රධාන වශයෙන් 98%ක්ම වයිරස් විශේෂ නිසාද, 2%ක් පමණ ප්‍රමාණයක් බැක්ටීරියා හා දිලීර නිසා ද ඇති වනවා. මීට අමතරව විවිධ අසාත්මිකතා, දුම් පානය නිසා ඇතිවන කෝඨරකවල සංකූලතා හා පටක අවහිර වීම්ද ප්‍රදාහ තත්ත්වවලට හේතු වන්න පුළුවන්.  

කෝඨරක ප්‍රදාහයන් ඒවා පවතින කාලය අනුව වර්ග 3ක් හඳුනා ගන්න පුළුවන්.

1. මාසයක අඩු කාලයක් පවතින වර්ගය (Acute)

2. මාස 1ත් 3ත් අතර පවතින වර්ගය (Subacute)

3. මාස 3ට වැඩිය පවතින වර්ගය (Chronic)

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ලෙස ප්‍රධානවම රෝගියාට දැනෙන්නේ හිසේ වේදනාවයි.

මෙහිදී හිරවුණු කෝඨරකයෙන් හෝ මුළු හිසින්ම වේදනාව ඇති වන්න පුළුවන්. ප්‍රදාහයට ලක්වී ඇති කෝඨරක ඇල්ලීමෙන් හා තෙරපීමෙන්ද වේදනාව ඇතිවිය හැකියි. මෙහිදී ශ්ලේෂ්මල මඟින් නිපදවන සෙම නාසය හරහා සොටු දියර මඟින් හෝ කැස්ස මඟින් උගුර හරහා පිටතට පැමිණීම සිදුවනවා. වැඩිපුර නිපදවන ශ්ලේෂ්මල නිසා ආඝ්‍රාණ සංවේදන අවහිර වී ගඳ සුවද දැනීම හා රස දැනීම අඩු වෙන්න පුළුවන්. උණද ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරයි. 

ඔෟෂධීය පොට්ටනිවලින් නළල තැවීම, දුම් ඇල්ලීම මඟින් කෝඨරකවල තැන්පත් වී ඇති සෙම් කොටස් දිය කර ඉවත් කළ හැකියි.

එසේම දේශීය ඔෟෂධීය සංයෝග ප්‍රයෝගය මඟින් පළමුව ශරීර අභ්‍යන්තරයට ප්‍රතිකාර කරන අතරතුර බාහිර ප්‍රතිකාරද යෙදිය යුතුයි.

මාස 3ත් 4ත් අතර කාලයේදී නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවුවහොත් නිට්ටාවටම සුව විය හැකියි. මෙහිදී රෝගීන් ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීමට බියක් දක්වන්නේ මෙම රෝගය වැඩිවීම සිදුවන බවට සමාජය තුළ පවතින දුර්මතය නිසායි. නමුත් නිසි වෛද්‍ය උපදෙස් මත කටයුතු කළහොත් ඔබට බිය වීමට කිසිදු හේතුවක් නෑ. කිසිදු අපහසුතාවකින් තොරව සෙම් දිය කර හැර දේශීය හා ඉන්දියානු කේරළීය ඔෟෂධ වට්ටෝරු මඟින් පූර්ණකාලීන සුවයක් ඔබට නිසැකවම ලබාගත හැකියි.

සයනොසයටීස්වලදී ඇතිවන හිසේ රුදාව සමහර රෝගීන් විසින් ඉරුවාරදය (migrain) ලෙස වරදවා වටහා ගනී. නමුත් නිසි පළපුරුදු වෛද්‍යවරයාට රෝගියා පෙන්නුම් කරන ලක්ෂණ අනුව එය ඉරුවාරදයද නැතහොත් කෝඨරකවල සෙම තැන්පත් වීම පමණකින් ඇතිවූ රෝග තත්වයක්ද යන්න නිවැරදිව වටහා ගත හැකියි.

සයනොසයිටීස්වලදී නළල තැවීමට ඔෟෂධීය තැවිලි පොට්ටනියක් පහතින් දැක්වේ.

උඳුපියලිය කොළ

බෙලි කොළ

රතු ලූනු

පැසුණු පොල් 

තැවීමෙන් පසු තෙල් වර්ගයක් හිසට දැමීමෙන් කෝඨරක කුහරවල, තැවීමෙන් වන වියළි බව අඩු වී යයි.

විජිත කේ. පතිරණ

වෛද්‍ය

එන්. දිල්හාරා ඩයස්

ච්.ඒ.ඉ.ව්. (ඩ්ධදඵ)

ර්.ඒජ.ජ් (ඉඹ්) ධ්.ජ්.ඒ.ඉ.ඉජ ඛ්ඩචදඤඪඨචපඩ (ධ්දඤඪච)

ශ්‍රී .ඛ්.ර්ණී.ර්ථී (ධ්දඤඪච)

ස්වර්ණහංස ආයුර්වේදය

ගම්පහ

0778075452