මහපටැඟිලි මුල හා ධමනි පරීක්‍ෂාවෙන් ප්‍රතිකාර කොට අත්දෙකම පණ නැති රෝගියකු සුව කළ හැටි

0
24

බොහෝ ඔත්පළව චිත්ත පීඩාවෙන් යුක්තව ජීවත්වන මිනිසුන් එම තත්ත්වය නැති කර ගන්නට බොහෝ දේ කරනවා. ඉන් මානසික සුවයක් මෙන්ම කායික සුවයක්ද නිරතුරු අපේක්‍ෂා කරනවා. ඇතැමුන් නිසි ලෙස තමන්ගේ රෝගයට නිවැරදි ප්‍රතිකාර නොගෙන ආකාලයේ මිය යනවා. තවත් සමහරු හරි විදිහට නියමිත පරිදි ප්‍රතිකාර ලබාගෙන ජීවිතේ ඉතිරි කාලය සතුටින් දිවි ගෙවා සැනසෙනවා. මේකටත් පෙර පිනක් තියෙන්නට ඕනෑය කියන්නේ නිකමටම නොවේ.

මේ මහ පොළොවේ වැවෙන කෝටි ගණන් අප්‍රකට ශාක වර්ග තියෙනවා. ඉන් බොහොමයක් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා දැනටමත් මිහිතලයෙන් වැනසී ගිහින් තියෙනවා. නමුත් මේ රටේ එවැනි ඔසු පැළෑටි දහස් ගණනකින්, ඉසිවර දැනුම අනුව යමින් අත්දැකීම් අනුව දස දහස් ගණනින් රෝගී වූ දනන් හට පූර්ණ සුව සැලසී තියෙනවා.

“ත්‍රිංසත් භිසංග” යෙහි තැනෙක මෙසේ සඳහන් වෙන්නේ නිකමටම නොවේ. මේ විශ්වයේ අබිරහස් ගොන්නක් මැද, මිනිසුන් ඇසූපිරූ තැන් ඇතිව අත්දැකීමෙන් හදාරා වටහාගත් වෛද්‍ය ශාස්ත්‍රයක් අනුව මේ අදහස් සත හට මුදා හැර තිබෙන්නේ ඔවුන්ගේ නිදුක් නිරෝගී සුව වෙනුවෙන්මයි.

“ජීව්හා ක්‍රිෂ්ණ භවෙද්‍යාශ්‍යා මුකන් කුංකුම වර්තකම් ඉන්ද්‍රියානාම ලක්ෂංච තශ්‍යා මූර්ත්‍යුර්ති සංසය–”

මෙහි සිංහල අරුත මෙහෙමයි.

“යම් ආතුරයක්හුගේ ජිව්හා නොම කළු පැහැ ඇත්තේද, මුහුණ කොකුම්වන් පැහැ ඇත්තේද, චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ගේ සන්තෝස බවද, සිහියද, ඉන්ද්‍රියාදීන්ගේ විකෘති බව වන්නේද ඔහුගේ මරණය සැක නැත්තේය”

මරණය පොදු දහමක් වුවත්, අකාලයේ මිය යන්නේ නැතිව ජීවිතය ජීවත් කරවීමත්, ජීවිතයට නව පණක් ලබා ගැනීමත් තියෙන්නේද අපේ අතේමයි.

එනිසා ඉසිවර ඇදුරු වෙදැදුරන් අනු දැන වදාළ විස්මිත වෛද්‍ය ශාස්ත්‍රය ඔබට අකල් මරණයකින් තොරව ජීවිතේ පණ ඇතිව ජීවත් කරවන්නට නිසි මඟ සලසා දෙනවා. අෂ්ට පරීක්‍ෂා පොතේ තැනක මෙසේ සඳහන් වෙනවා. ඔබ කුමණ තත්ත්වයක අංශභාග රෝගියකු වුවත්, ඔබේ අත්ල ගෙන එහි නාඩි හා නිලයන් නිවැරදිව පිරිමැද ස්පර්ශ කළේ නම් ඔබගේ රෝගයත්, රෝගයට කළ යුතු වූ නිසි පිළියමත් සැණින් වටහාගන්න දැනුමැති වෙදැදුරකුට අපහසු නෑ.

“කරස්ථාඟුෂ්ට මුලේ‍යා ධමනි ජීවසක්ෂිණී තත් වෙසයා සුඛා දුක්ඛං ඤෙයං කායශ්‍ය ප¾ඩිතෛ–” මෙහි සරල අරුත මෙහෙමයි. “අෂ්ට පරීක්‍ෂාවෙන් කියැවෙන්නේ, හස්තයෙහි පිහිටියා වූ මහපටැඟිලි මුල ජීවත්වීම ඉඳුරා දන්නාවූ ධමනියෙක් ඇද්ද ඒ, සුවදුක් දෙක මනා කොට දන්නා හෙයින් ප්‍රාඥයන් විසින් දත යුතුයි” කියලයි.

අප වෙත රැගෙන ආ එක් සුවිශේෂී රෝගියෙක් හිටියා. ඔහුට තිබුණේ ඇතැමුන්ට තිබෙන එක් අතක් හා එක් පාදයක් අක්‍රිය වුණු, එම අවයව පණ නැති, ඒවා වැඩකරගත නොහැකි වූ තත්ත්වයක් නොවෙයි. ඔහුගේ දෙඅතම පණ නෑ. එක් පාදයක් මුළුමනින්ම පණ නෑ. ඇතැම් විට ඔහු තවදුරටත් නිසි ප්‍රතිකාර සඳහා අප වෙත නොපැමිණ සිටියේ නම් මුළු සිරුරම පණ නැතිවී කිසිවක්ම කරගත නොහැකි වන තරමට වැටෙන්න තිබුණා. ඔහුගේ තත්ත්වය වෙනස් වූ නිසා අපට ඔහුගෙනුත් ඔහු රැගෙන ආ ඥාතීන්ගෙනුත් යටගිය සත්‍ය දැන ගන්න ඕනෑ වුණා.

එහිදී ඔහු බරපතළ ලෙස කය වෙහෙසා වැඩ කර තිබුණු කෙනෙක් බව පහදා ගත්තා. ඔහුට මුල්ම රෝග ලක්‍ෂණය හටගෙන තිබුණේ වම් පාදයේ කළවා ප්‍රදේශයේ හිරි වැටීමක් හා ගිනි ගන්නා තරම් දැවිල්ලක් වරින් වර හටගෙන තිබුණු නිසයි. මෙය මුලදීම දැන ගත්තා නම් ඔහු උනන්දු වී නම් අපට සුව කිරීම හරිම පහසු දෙයක්. ඒත් වසර 5ක් පමණ කල් ගතවූ තත්ත්වයක් නිසා එය සීරුවෙන් කළ යුතු වුණා. ප්‍රතිකාර නිවැරදිව මුල පටන් ඇරඹුවා. ස්නායු තෙරපීමත්, ලේ ගමනාගමනයේ වූ අවහිරතාවන්, ඒවාට හේතුවූ රෝග තත්ත්වයන්ටත් ප්‍රතිකාර කළා. ඊට එක්ස්රේ පරීක්‍ෂණ හෝ වෙන යම් කිසිවක් ඕනෑ වුණේ නෑ. ඔහුට ඉතා ඉක්මනින් එක දිගට ප්‍රතිකාර කළා. ඉතා ඉක්මනින් ඔහු පිබිදුණා. අක්‍රිය තැන් පණ ගැහුණා. අද ඔහු පූර්ණ සුවය ලත් අයෙක්. සතුටින් දිවි ගෙවන්නෙක්.

වෛද්‍යවරයා හමුවිය හැකි තැන් මෙහෙමයි (අඟහරුවාදා – අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා – රත්නපුර, සිකුරාදා, මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා – මහනුවර අඹතැන්න)

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849