ගේට්වේ වර්ණ රාත්‍රිය

0
266

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති ගේට්වේ විද්‍යාල සමූහයේ වාර්ෂික වර්ණ රාත්‍රියේදී එම විද්‍යාලයේ සිසු සිසුවියන් 475 දෙනෙක් තමන් දස්කම් දැක්වූ ක්‍රීඩා ක්‍ෂේත්‍රයන්හි  ඉසව් සඳහා කුසලතා වර්ණ සහ විශේෂ තිළිණ දිනා ගැනීමට සමත් වූහ. 2018 දී හඳුන්වා දෙනු ලැබූ ගේට්වේ පාසල් සංකේතය අනුව ක්‍රීඩා ක්‍ෂේත්‍රය නියෝජනය කරන ගේට්වේ දරුවෝ “Geteway Griffins” (ගේට්වේ ගි්‍රෆින්ස්) ලෙස හැඳින්වෙති.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට පසුව පැවැති මෙම උත්සවයේදී කොළඹ, මහනුවර, මීගමුව, දෙහිවල, රත්මලාන යන ගේට්වේ පාසල්වල සිසු සිසුවියෝ මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පැසිපන්දු, ක්‍රිකට්, පාපන්දු, කරාටේ, දැල්පන්දු, ඔරු පැදීම්, පිහිනුම්, ටෙනිස්, ස්කොෂ්,  මේස පන්දු, රිය ධාවන සහ ක්යාකින් යන ක්‍රීඩා ඉසව් සඳහා සම්මාන දිනාගත්හ.

ජාත්‍යන්තර බාස්කට් බෝල් ෆෙඩරේෂණයට (FIBA) ශ්‍රී ලංකාව වෙනුවෙන් කරමින් 16න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කර 2019 ආසියානු බාස්කට් බෝල් ශූරතාව ගත් ඉෆ්ලාල් ඉක්බාල් රිදී පදක්කමද, FIBA සඳහා 18න් පහළ   3 ය 3 වයස් කාණ්ඩය නියෝජනය කරමින් 2019 ආසියානු බාස්කට් බෝල් ශූරතාව දිනාගත් දිසුර දිසානායක, ආසියානු තරුණ නෙට්බෝල් ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කම් දිනාගත් අනීෂා පෙරේරා සහ විෂ්මිකා රත්නායකද, 2019 ආසියානු වයස් කාණ්ඩ ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ පිහිනුම්කරුවන් වන අම්රිත් පෙරේරා සහ ඇල්වින් අරුල්මාරන් ද, 2021 දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජ්‍ය කපිතාන් ලෙස ක්‍රීඩා කළ මාලීකා අමිත්, 2019 ශ්‍රී ලංකා බටහිර ආසියානු තරුණ හා කනිෂ්ඨ Rapid & Blitz ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කුලිසා නානායක්කාර සහ 2021 ආසියානු තරුණ විශේෂිත ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ද්විත්ව රිදී පදක්කම් දිනාගත් ජේසන් ජයවර්ධන විසින් ගේට්වේ ක්‍රීඩා තරු සඳහා පිදෙන ඉහළම සම්මානය වන “ගෝල්ඩන් ඊගල්” සම්මානය හිමිකරගන්නා ලදී.

දැල්පන්දු සහ පැසිපන්දු සඳහා ශ්‍රී-ලංකා ජාත්‍යන්තරයේ හිටපු කස්තුරි චෙල්ලරාජා මිය  මේ වන විට හේමාස් හෝල්ඩිං පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන අතර ඇය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තාද වූවාය.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධනා ලැබ සහභාගි වූවන් අතර වාර්තා තැබූ පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්, කරාටේ  ස්කොෂ්, පැසිපන්දු , චෙස්, දැල්පන්දු, පාපන්දු සහ පිහිනුම් ඉසව් සඳහා ශ්‍රී  ලංකාව නියෝජනය කර ඇති යසින්ද සමරනායක,  ඉල්හම් අස්මොත්, ජාලිය කුමාරි, යෂෝදා මෙත්මලි, චතුරංගනී ජයසූරිය, සුමිත් වල්පොළ සහ රෙෂිකා උඩුගම්පොළ යන මහත්ම මහත්මීහුද වූහ.