කොලිවුඩ් IInd Show වල 1st class වැඩ පෙන්වන හෙළවුඩ් තරු

0
410

මෑතක් වනතුරුම ලංකාව ගැන හොලිවුඩ් හෝ බොලිවුඩ් ෆිල්ම් එකක කතා වුණත් අපිට හරි අමුතු කික් එකක් තිබුණා නේද? එතැනිනුත් එහාට වෙන රටක නළුවෙක් හරි නිළියෙක් හරි ලංකාවට ආවත් මැජික් ටයිප් එකේ ෆීලින්ග් එකක් තමා අපිට තිබුණේ. ඇත්තම කිව්වොත් පොඩි කාලේ ඉඳන් බයිස්කෝප් පිස්සුව තිබුණු මට නම් එහෙමයි. කොටින්ම කිව්වොත් ලංකාවේ ජැක්ලීන් ෆර්නැන්ඩස් හින්දි ෆිල්ම් එකක ඉන්නවා කිව්වම මම විශ්වාස කළෙත් නැහැ. ඒ වගේමයි ඉන්දියානු නිළියන් ලංකාවේ රඟපාන්න එනවා කිව්වමත් ඒක ඒඤමචදජඥ මට්ටමේ වෙනම ෆීල් එකක් වුණා.

ඒත් අද මම මේ කියන්න යන්නේ කලින් තිබුණු ආඩම්බරකාර මාර ෆීලින්ග් එක, දෙගුණ වෙන ජාතියේ කතාවක්. සරලව කිව්වොත් ලංකා සිනමාවේ වර්තමාන Super Star වන හේමාල් රණසිංහගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය පිළිබඳයි.

Second Show කියන්නේ දමිළ භාෂාවෙන් වගේම සිංහල භාෂාවෙනුත් එළිදැක්වුණු අලුත්ම චිත්‍රපටයයි.

ස්පොයිල් නොකර කතාව පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා බැලුවොත් සැන්ධියාගේ නිවසේ පැවැති සාදයක් අතරතුර විකී නම් මිතුරා හදිසියේ මරණයට පත්වෙනවා. මරණයට හේතූන් ස්වාභාවික ලෙස පෙනුණත් එහි යම් අද්භූත බවක් පෙනෙන්නට තිබෙනවා. පිළිවෙළින් ඩීනාද ප්‍රසන්නවද ඝාතනය වන්නේ විකී මැරෙන විදිහටමයි.

ඇත්තටම ඝාතකයා කවුද? ඝාතනය කරන්නේ කුමන හේතුවක් මතද කියලා බලන්න ඕනේම නම් ඔයාලට මේ ෆිල්ම් එක හෝල් එකට ගිහින් බලන්නම වෙනවා.

අබිරහස් මරණ රැසක් පිළිබඳ කතාවක් පාදක වූ චිත්‍රපටයක් වන අතර මෙය Crime / Suspense Thriller හා Fantacy ශානරවලට අයත් චිත්‍රපටයක් වනවා.

ඉන්දීය ජාතික ඒ.ටී. ඥානම්ගේ කුලු¾දුල් සිනමා අධ්‍යක්ෂණය Second Show, ගනේෂ් මහදේවන් සමඟ සම නිෂ්පාදනය කර තිබෙන්නේ Dark Room Creation වෙනුවෙන් කෞෂල්‍යා වික්‍රමසිංහ විසිනි.

චිත්‍රපට ආනයනකරුවකු ලෙස කෞෂල්‍යා විසින් “SLUMDOG MILLONAIRE , 13-B , GAJINI, , MY NAME IS KHAN, PAA, VETAIKARAN, LOVE AAJ KAL , PIHU, VISWAROOPAM 2” වැනි ජාත්‍යන්තර චිත්‍රපට ගෙන්වා බෙදා හැර ඇත.

ඇයට ශ්‍රී ලංකාවේ “SHREYA GHOSHAL LIVE IN CONCERT” ප්‍රසංගයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරියක ලෙසත්, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, ආලෝකෝ උදපාදි, ආකර්ෂා සහ යශෝධරා වැනි චිත්‍රපටවල ව්‍යාපෘති උපදේශකවරියක ලෙසත් කටයුතු කර ඇත.

ලාංකේය සිනමාවේ සුපිරි තරුව හේමාල් රණසිංහ මෙහි ප්‍රසන්නගේ චරිතයට පණ පොවන අතර කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර්, විද්‍යා ප්‍රදීප්, අක්ෂතා සොනාවනේ සහ පූජා මොන්ඩල්ද මෙහි රංගනයෙන් දායක වී තිබෙනවා. ලංකාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වුණ යශෝදරා චිත්‍රපටයේ යශෝදරාගේ චරිතය රඟපෑ පල්ලවී සුභාෂ් මෙහි

ප්‍රධාන චරිතයක් රඟපානවා.

විශේෂයෙන්ම සඳහන් කළොත් සිංහල සිනමාවේ අපේ කාලයේ රෝමාන්තිකයා එහෙමත් නැතිනම් සිනමාවේ දුෂ්ටයන්ගේ භීතිකාව නොහොත් සාධාරණත්වයේ ප්‍රතිමූර්තියේ සිම්බල් එක ටයිප් එකේම කැරැක්ටර්ස්වලට කොටුවෙලා හිටපු ‘හේමාල් රණසිංහ’ දුෂ්ට දුර්ජන කෙළිලෝලී චරිතයකට පණ පොවන පළමු අවස්ථාව මේ සෙකන්ඩ් ෂෝ චිත්‍රපටය ලෙස හ¾දුන්වන්න පුළුවන්. ‘ප්‍රසන්න’ එහෙමත් නැතිනම් හේමාල් රණසිංහගේ ච්චපඬ ඵඪඤඥ එක ගැන පුංචිම හරි අදහසක් ගන්න ඕනේ නම් මූවි ට්‍රේලර් එක හරි පුංචි ටීසර් කෑලි ටික හරි බලන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේමයි ‘යශෝදරා’ ෆිල්ම් එක ඔළුවේ තබාගෙන ගිහින් පල්ලවී සුභාෂ්ගෙන් යශෝදරා ටයිප් එකේ චරිතයක් බලාපොරොත්තු වෙන්නත් එපා කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද සෙකන්ඩ් ෂෝ එකේදී තමන්ගේ ඇක්ටින් කැපෑසිටි එක ගැන ලොකු මැසේජ් එකක් දෙන්න පල්ලවී සුභාෂ්ට පුළුවන් වෙලා තිබෙන බවයි මගේ නම් අදහස.

2022 ජූලි මාසයේ 08 වැනිදා සිට තිරගත වීම ඇරඹුණු Second Show චිත්‍රපටය ලොව පුරා තෝරාගත් චිත්‍රපට ශාලා කිහිපයකටම මුදාහරිනු ලැබුවා. imdb දර්ශකයේ 7.9/10 අගයක් ලබා ගෙන ඇති අතරම මෙම චිත්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වන බවද විශේෂයෙන් සඳහන් කරන්නම ඕනේ.

Second Show චිත්‍රපටයේ සිංහල පිටපත ලංකාවේ අතිදක්ෂ තරුණ සිනමාකරුවෙක් වන තිසර ඉඹුලාන අතින් නිම වී ඇති අතරම සිංහල ගීත පදරචනයෙන් මහේන්ද්‍ර හීනටිගල දායකත්වය ලබාදී තිබෙනවා.

කොලිවුඩයේ හා හෙළවුඩයේ සමිශ්‍රණය ලාංකේය සිනමාවේ උන්නතියට කොතරම් එෆෙක්ට් එකක් දෙනවද කියලා බලන්න වගේම අපේ රටේ නළු නිළියන් ජාත්‍යන්තර සිනමාවට කොතරම් ගැළපෙනවාද කියලා බලන්න නම් Second Show බලන්න කියලා ආරාධනා කරමින් මම නවතිනවා.

රමෝද් ජයවර්ධන