ඉන්දියාවට පවුල් සැලසුම් කියාදුන් කවුද මේ ලංකාවේ වාඩියා

0
82

මෙතෙක් ඒ තරම් හෙළි නොවූ ඒ හැටි කතාබහට ලක් නොවුණු පුවතක් පිළිබඳ කතාවකි මේ. එය මෙසේ අරඹමු.

වාඩියා උපන්නේ 1913 වසරේ කොළඹදී, ප්‍රගතිශීලී පාර්සි පවුලකටය. නීතිඥවරියක් ලෙස සුදුසුකම් ලැබීමෙන් පසු ඇය පිරිමින්ගේ අවතක්සේරු කිරීම් හා වෙනස්කොට සැලකීම් නොතකා ලන්ඩනයේ සහ කොළඹ සේවයේ යෙදුණාය.

දෙවැනි ලෝක සංග්‍රාමය සමයේදී ඉන්දියාවේ බොම්බේ නගරයට (දැන් මුම්බායි) පදිංචිය සඳහා ගිය ඇය නිතර සමාජ සේවයේ නිරතවූ නමුත්, පවුල් සැලසුම්කරණය යනු තමාගේ ප්‍රියතම විෂයය බව හ¾දුනාගත්තාය.

“මම ජීවන වෘත්තිය ලෙස කළ වැඩකටයුතු සොයා ගියේ නැහැ, ඒවා මා සොයාගෙන ආ බව පෙනෙන්නට තිබුණා.” ඇය සිය ස්වයං චරිතාපදානය වන The Light is Ours සඳහන් කර තිබුණි. “නීතිගන වෘත්තියේ ඉදිරියට නොයෑම නාස්තියක් ලෙස මට දැනුණේ නැහැ. මන්ද නීතිය මා කළ සෑම දෙයකම ශක්තිමත් අංගයක් වුණා.”

1940 ගණන්වල අග භාගයේ ඇය ක්‍ෂේත්‍රයේ වැඩ කිරීම ඇරැඹි සමයේදී පවුල් සැලසුම්කරණය ලොව පුරා තහනම් මාතෘකාවක් විය.

ආගමික ගතානුගතිකයන්ගේ විරුද්ධත්වය හැරුණු විට, ඊට ජාතිවාදය සහ සුජනන විද්‍යාව සමඟ අ¾දුරු සම්බන්ධතාද තිබුණි.

“උපත් පාලන” යන වචන මට ඇසුණු පළමු අවස්ථාවේදී මට මහත් පිළිකුලක් දැනුණා.”  වාඩියා සඳහන් කර තිබේ. නමුත් බොම්බේහි කාන්තා වෛද්‍යවරියක් නිසා ඇයගේ සිතුම් පැතුම් වෙනස් විය. ඉන්දියානු කාන්තාවන් “මරණය විසින් ඔවුන්ගේ කනගාටුදායක ජීවිතය කෙළවර කරනා තෙක් ගැබ්ගැනීම හා මවුකිරි දීම අතර ‍ෙදා්ලනය වෙමින් කල් ගෙවන” බව එම වෛද්‍යවරිය වාඩියාට පවසා තිබුණි.

1949දී ඇය ඉන්දියානු පවුල් සැලසුම් සංගමය පිහිටුවීමට සහාය දුන්නීය. ඇය වසර 34ක් පුරාවට එහි නායකත්වයද දැරුවාය.

එහි සේවාවන් උපත් පාලන ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ සිට සරුබව හා සම්බන්ධ සේවා සැපයීම දක්වා විහිදේ. වාඩියාද ගබ්සාවීම්වලට ලක්ව සිටි, දරුවන් නොසිටි කාන්තාවක් වූ බැවින් දෙවැනි සේවාව ඇයට “සැබෑ තෘප්තිමත් හැඟීමක්” ලබාදුන්නේය. 1951-52 අතර කාලයේදී, පවුල් සැලසුම් ප්‍රතිපත්ති නිල වශයෙන් ප්‍රවර්ධනය කළ ලොව පළමුවැනි රජය බවට ඉන්දීය රජය පත්වූයේ වාඩියාගේ ප්‍රයත්නයන් නිසාය.

වාඩියා යටතේ FPAI සංවිධානය ඉන්දියාවේ නාගරික දුප්පතුන් සහ වඩාත් දිළි¾දු ප්‍රදේශ කිහිපයක ගම්වැසියන් සමඟ කටයුතු කරමින් විමධ්‍යගත, ප්‍රජා මූලික ප්‍රවේශයක් අනුගමනය  කළේය.

මින් අදහස් වූයේ, බොහෝ අවස්ථාවලදී “පවුල් සැලසුම්කරණය හැර අන් සියල්ල” සිදුකළ බවයි. වන වගාවේ සිට මාර්ග ගොඩනැඟීම දක්වා ව්‍යාපෘති ඒ අතර විය.

පවුල් සැලසුම්කරණය අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සහ සෞඛ්‍ය යන විෂයයන් හා බැඳි සාකල්‍ය සැලැස්මක් සමඟ සම්බන්ධ කළ වාඩියා සහ ඇගේ කණ්ඩායම, සමාජ පණිවිඩ අඩංගු භජන් (භක්ති ගීත) ගැයීම සහ දුම්රියෙන් රට පුරා යැවුණු පවුල් සැලසුම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම වැනි නවමු සන්නිවේදන ක්‍රම භාවිත  කළෝය.

FPAI සිත්ගන්නාසුලු ක්‍රියාකලාපය නිසා මහජන විශ්වාසය වර්ධනය වූ අතර ඉන්දීය සංවර්ධන දර්ශකයන්හි කැපී පෙනෙන දියුණුවක් ඇති කළේය. නිදසුනක් වශයෙන්, 1970 ගණන්වලදී කර්ණාටක ප්‍රාන්තයේ මාලූර්හි ආරම්භ වූ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස ළදරු මරණ සංඛ්‍යාව අඩුවීම, විවාහ වන වයස් මට්ටමේ සාමාන්‍ය සැලකිය යුතු ලෙස ඉහළයෑම සහ සාක්ෂරතා අනුපාතය දෙගුණ වීම සිදුවිය. මෙම ව්‍යාපෘතියට කෙතරම් ජනතා සහයෝගයක් ලැබුණේද යත්, ඉන් ඉවත්වූ පසු ගම්වැසියන් එහි කළමනාකාරීත්වය භාරගත්තේය.

ඇතැම්විට වාඩියා ලබා තිබූ ජාත්‍යන්තර අත්දැකීම් නිසාවෙන් ‍ෙදා් ඇය ඉන්දියානු පවුල් සැලසුම්කරණයට ගෝලීය දැක්මක්ද ගෙන       ආවාය. කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශ තුළ පවුල් සැලසුම්කරණය සඳහා පුළුල් පිළිගැනීමක් ලබාදුන් දකුණු කොරියානු මවු සමාජයන්ගේ සාර්ථකත්වයෙන් ආදර්ශ ලැබූ ඇය, දෑවැද්දේ සිට දේශපාලනයේ තුළ අඩු කාන්තා නියෝජනය දක්වා වූ සමාජ ගැටලු කාන්තාවන්ට සාකච්ඡා කළ හැකි අන්දමේ සමීප කණ්ඩායම් සංවිධානය         කළාය. ඒ අතරම, ඇය ජාත්‍යන්තර සැලසුම්ගත මාපිය සම්මේලනයේ ප්‍රමුඛ චරිතයක් බවට පත්වූ අතර, වේගයෙන් ඉහළ යන ජනගහනය පාලනය කිරීමේදී ඉන්දියාව මුහුණ දෙන අද්විතීය අභියෝගයන් ඉස්මතු කළාය.

දේශපාලනය මෙම අභියෝග තවත් සංකීර්ණ කළේය. 1975 සිට 1977 දක්වා ඉන්දියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබූ සමයේදී, ඉන්දියානු රජය බලහත්කාර වන්ධ්‍යාකරණය ඇතුළු දරදඬු ජනගහන පාලන ක්‍රියාමාර්ග අනුගමනය කළේය. වාඩියා මෙය හෙළාදුටු අතර, පවුල් සැලසුම්කරණ වැඩපිළිවෙලවල් සඳහා බලහත්කාරයෙන් සහභාගි කරවා ගැනීමට විරෝධය පාමින්, සහභාගිත්වය ස්වේච්ඡාවෙන් සිදුවිය යුත්තක් බව ප්‍රකාශ කළාය. පවුල් සැලසුම්කරණය යහපත් ප්‍රතිඵල පෙන්වීමට පටන්ගෙන ඇති නමුත්, හදිසි තත්ත්වය “මුළු වැඩසටහනම අපකීර්තියට පත්කළා.” ඇය ශෝකයෙන් යුතුව සටහන් කර තිබේ.

1980 ගණන්වල මුල් භාගයේදී IPPF සභාපතිනිය ලෙස වාඩියා තවත් බලවත් අභියෝගයකට මුහුණ දුන්නාය. ඇය, ගබ්සා සේවා සපයන හෝ අනුමත කරන සියලු සංවිධානයන්ගේ අරමුදල් කපාදැමූ එක්සත් ජනපද ජනපති රොනල්ඩ් රේගන්ගේ පරිපාලනය සමඟ ගැටුමකට මැදි වූවාය.

IPPF ගබ්සාව නිල වශයෙන් ප්‍රවර්ධනය නොකළද, ගබ්සාව නීත්‍යනුකූලව පවතින රටවලදී එහි ඇතැම් අනුබද්ධිත ආයතන ගබ්සාකරණ සේවා සැපයීය.

IPPF එක්සත් ජනපදය මෙම ක්‍රියාපටිපාටියට විරුද්ධව එල්ලකළ බලපෑම්වලට යටත්වීම ප්‍රතික්ෂේප කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එහි වැඩසටහන් සඳහා වූ අරමුදල් ඩොලර් මිලියන 17ක් එයට අහිමි විය.

නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ජනගහන වර්ධනයට එරෙහිව සටන් කරනු ඇතැයි යන රේගන්ගේ මතය වාඩියා අවඥාවට ලක්කළාය. එම මතය විශ්වාස කළ කිසිදු තැනැත්තකු “සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ කොහේටවත් ගිහින් නැහැ – එහෙ අන්ත දරිද්‍රතාවයේ ඉන්න මිනිස්සු ඕනෑවටත් වැඩියෙන් ඉන්නවා වගේම, අත්හැරලා නිකන් ඉන්න බැහැ,” ඇය ස්ථිරව ප්‍රකාශ කර සිටියාය.

වාඩියාගේ වෘත්තීය ජීවිතය පවුල් සැලසුම්කරණයේ කාලීන උභතෝකෝටිකයන්ට විවිධාකාරයෙන් අදාළ විය.

එක්සත් ජනපදයේ, කොන්සර්වේටිව්වරුන් තර්ක කර ඇත්තේ රෝට එරෙහිව වේඩ් නඩුවේදී ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ඉවත් කිරීමට පෙර, උපත් පාලනයට ඉඩ සලසන තීන්දු නැවත සලකා බලා සිටිය යුතු බවයි.

ඉන්දියාවටම ආවේණික ගබ්සා නීතියක් සැකසීමට කටයුතු කරමින් සිටි වාඩියා කනස්සලු වූයේ ගබ්සාව; උපත් පාලනයට එරෙහි අවියක් බවට පත් වන ආකාරය ගැනය. “ගබ්සාව පවුල් සැලසුම්කරණයට සමාන කරමින් මහජනතාව ව්‍යාකූල කරන්න උත්සාහ කරන අය මානව සහ පුද්ගල අයිතීන් විනාශ කරන්න උත්සාහ කරනවා” ඇය තර්ක කළාය.

අද ඉන්දියාවේ, පවුල්වල විශාලත්වය සීමා කිරීම සඳහා දරුවන් සෑදීම අධෛර්යවත් කිරීමේ ක්‍රමයන් හා පවුල් සැලසුම් ක්‍රම භාවිත කිරීමට බලපෑම් කිරීමේ ක්‍රමයන් පිළිබඳ දේශපාලන විවාද බහුල වේ. වාඩියා එවැනි ප්‍රවේශයන්ට එරෙහිව අවවාද කර තිබිණි.

“මූලික මානව හිමිකම් උල්ලංඝනය වන නිසා අපට බලෙන් උපත් පාලනය කරන්න දෙන්න බැහැ” 2000 වසරේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පවුලකට දරුවන් දෙදෙනකු පමණක් සිටිය යුතු බවත්, තෙවැනි දරුවාට ආහාර සලාක සහ නොමිලේ අධ්‍යාපනය ලබානොදෙන බවටත් සම්මතයක් බලාත්මක කිරීමට ගත් උත්සාහයකදී ඇය  පැවසුවාය. “උපත් පාලනයට බල කිරීම සාර්ථක නැති බව ප්‍රායෝගිකව අපට පෙනී ගිහින් තියෙනවා.”

පවුල් සැලසුම්කරණය නීතියට සහ දේශපාලනයට නෛසර්ගිකව බැඳී ඇති බව මෙම සිදුවීම්වලින් පෙනේ. එවන් තත්ත්වයක් යටතේ, ප්‍රමුඛපෙළේ නීතිඥවරියක් ඉන්දියාව තුළ පවුල් සැලසුම්කරණයේ නියමුවකු ලෙස කටයුතු කිරීම ඇතැම් විට වාසනාවන්ත අහම්බයක් විය හැකිය. වාඩියාගේ වෘත්තීය ජීවිතයෙන් පිළිබිඹු වන වැදගත්ම කරුණ වන්නේ, පවුල් සැලසුම්කරණය සමස්ත සමාජ ආර්ථික සංවර්ධනයෙන් වෙන්කළ නොහැකි බවය. වාඩියාගේ මරණයට වසර කිහිපයකට පෙර, ඉන්දියාවට ආහාර සුරක්ෂිතතාව ළඟාකර දුන් හරිත විප්ලවයට නායකත්වය දුන් විද්‍යාඥ එම්. එස්. ස්වාමිනාදන් මේ සම්බන්ධයෙන් ඇයට උපහාර දැක්වීය.

“අපේ ජනගහන ප්‍රතිපත්ති වැරදිලා ගියොත් කිසිම දේකින් ගොඩ ඒමක් නැති බව වාඩියා අනිත් කාටත් වඩා හොඳට දැනගෙන හිටියා” ඔහු පැවැසුවේය.

ඕඕඛ් ඇසුරෙනි

සුලක්ඛන ජයවර්ධන