“පරාටේ නීතිය වහා ම අහෝසි කරන්න” – සජිත්

0
2341

ඇස් බැන්දුම් චක්‍රලේඛ හරහා ක්‍රියාත්මක “පරාටේ නීතිය: වහා අහෝසි කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

දේශපාලකයන්ට, කෝටිපතියන්ට, වංචාකාරයන්ට නැති “පරාටේ නීතිය” රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළෙඳපොළ රටේ ක්‍රියාත්මක විය යුතු බව ත් අන්ත ලිබරල්වාදය මේ වන විට ලෝකයෙන් ම ප්‍රතික්ෂේප වන බව ත් ඔහු පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් ඊයේ (ජූලි 28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය.

ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතළිස් පහක් ජීවනෝපාය ලබා ගන්නා, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද අසරණව සිටින බව හෙතෙම ප්‍රකාශ කළේ ය.