පැතුම් කර්නර් රිමාන්ඩ්

0
649

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් අගෝස්තු මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු අද (ජූලි 29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ඊයේ (ජූලි 28) එහි පැමිණ සිටි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.