ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා අද (ජූලි 29) උදෑසන වේල්ල වීදිය පොලිසියට පැමිණ භාර වී තිබේ.
mawbima.lk කළ විමසීමකදී වේල්ල වීදිය පොලිසිය මේ බව තහවුරු කළේ ය.
සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු වේ.
පොලිසිය සඳහන් කළේ, ඔහු සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව ය.
ඒ අනුව, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ඔය කොඩියට නිගරු කල පුද්ගලයාට වඩා සමාජ ආර්ථික වශයෙන් අගාධයටම ගෙනගිය ආර්ථික ඝාතකයන් අල්ලා දඩුවම් දීම වඩාත් කාලෝචිතය.
Comments are closed.