gotago න දිනලා ඉවරයි black cap ගාලුමුව‍ෙදාරින් ඉවත්වෙයි

0
29

ගාලුමුව‍ෙදාර පිහිටි ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය මේ වනවිට සංකේතීයව ජයග්‍රහණය කර ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ හිඳිමින් සිදුකළ හැකි අරගලයක් නොමැති බවත් එම අරගලයට දායකත්වය අදින් අවසන් කරන බව බ්ලැක් කැප් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

‘ගෝඨා ගෝ හෝම්’ නමැති සටන් පාඨය සමඟ අප එකඟ වූ අප්‍රකාශිත එකඟතාවන් එනම් අරගල භූමියේ පාර්ශ්ව ගණනාවක් එක්ව එළිදක්වන ලද ‘ගාලුමුව‍ෙදාරින් ඔබ්බට’ යෝජනා මාලාව ජයග්‍රහණය කරවීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා නව මානයක අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කළ යුතු බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලුමුව‍ෙදාර නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බවත් අපගේ අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා බවත් ඒ වෙනුවෙන් සිවිල් සමාජය සහ දේශපාලන සමාජය සමඟ එක්ව පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරා ගමන් කරන බවත් එහි සඳහන් කර ඇත.

අරගලය මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ එකී ප්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා වන අතර එය නව මානයක අවිහිංසාවාදී අරගලයක් ලෙස ‘අරගලය 4.0’ ලෙස නම් කර ක්‍රියාත්මක කරන බවත් එහි වැඩිදුරටත් දක්වා තිබේ.

මිතුන් ජයවර්ධන