හිඳගොඩ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් බය කරන්න අහසට වෙඩි

0
23

බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේ ඇති අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල තුළදී පෙරේදා (27දා) රාත්‍රි 11.30ට පමණ වෙඩි තැබීමක් වී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම අහසට කළ එකක් බව තහවුරු කරගෙන ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවකුටත් අනතුරක් වී නොමැත.

පෙරේදා (27දා) සවස් කාලයේදී ඉන්ධන ලබාගැනීමට පැමිණ ඇති වූ ආරවුලක් මත ඉන්ධන පිරවුම්හලේ සේවකයන් බිය වැද්දීමට මෙම වෙඩි තැබීම කරන්නට ඇති බවට පොලිසිය කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

එහිදී මි.මී. 9 වර්ගයේ උණ්ඩ යෙදූ ගිනිඅවියකින් උණ්ඩ 4ක් එල්ල කර ඇති බවට පොලිසිය තහවුරු කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලිසිය කරයි.  

බදුල්ල – ජයලත් දිසානායක

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන