හදිසියට ඡන්දයදී පක්ෂයේ ව්‍යවස්ථාව කැඩුවා

0
42

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබාදීම එම පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ව්‍යවස්ථාවේ හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබාදීමක් පිළිබඳව සඳහන් වී නොමැති බවද පක්ෂ ව්‍යවස්ථාව අධ්‍යයනය කළොත් ඕනෑම කෙනකුට ඒ බව තේරුම් ගත හැකි යැයිද ජී.එල්. පීරිස් මහාචාර්යවරයා කීය.

මෙවැනි ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියා පක්ෂය තුළ සිදුවන නිසා තමා පක්ෂයෙන් ස්වාධීනව කටයුතු කරන පිරිස සමඟ එකතු වුණද තවමත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කරන බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසුවේය.

ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී  ලංකාවට ගැටලු සහගත තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද තමා මේ අවස්ථාවේ ක්‍රියා කරන්නේ තම හෘද සාක්ෂියට එකඟව බවද ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු සභාපතිවරයා කීය.

කොළඹදී ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය