සතොස සභාපතිගෙන් අගය කළ යුතු වැඩක්

0
226

පරණ යකඩවලට විකිණීමට සූදානම් කර ටෙන්ඩර් කැඳවා තිබූ සතොසට අයත් ලොරි 14ක් ටෙන්ඩරය අවලංගු කර අලුත්වැඩියාවෙන් පසු ජංගම අලෙවි රථ ව්‍යාපෘතියකට යෙදූ බව සතොස සභාපති නීතිඥ තුෂාර දිසානායක ‘මව්බිම’ට පැවැසීය.

එම ලොරි 14 විකිණීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ යකඩ බරටත් වඩා අඩු වටිනාකමක් ලන්සු තබා තිබූ බවද ඔහු කීවේය.

අව්වට, වැස්සට හසුව දිරාපත් වෙමින් තිබූ මෙම ලොරි රථ ලබාගැනීමට ගැනුම්කරුවන් දැඩි උත්සාහයක් ගත් බවද හෙතෙම කීය. ජංගම අලෙවි රථවලට රාක්ක ගසා නව පෙනුමක් ලබාදීමට සතොස ඉන්ජිනේරු අංශය කටයුතු කර ඇතැයිද හෙතෙම කීය.

කුඩා ජංගම අලෙවිසලක් බවට පරිවර්තනය කර ඇති මෙම ලොරි රථ ලබන 05 වැනිදා සිට මහල් නිවාස සංකීර්ණ, වතු නිවාස, රජයේ කාර්යාල පරිශ්‍රවලට පැමිණ සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ