ශ්‍රී ලංකාවේ සුජීවට ජාත්‍යන්තරයෙන් තවත් ඇගයීමක්

0
49

තායිවානයේදී අද (29 වැනිදා) ආරම්භ වන වයස අවුරුදු 12න් පහළ ලෝක කුසලාන බේස්බෝල් තරගාවලිය සඳහා ලෝක බේස්බෝල් සංගමය විසින් ශ්‍රී  ලංකාවෙන් බිහිවූ එකම ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයා වෙන සුජීව විජයනායක මහතා ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයකු ලෙස තෝරාපත් කරගෙන ඇත.

මෙම තරගාවලිය සඳහා අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව, තායිවානය, මෙක්සිකෝව, පැනමා රාජ්‍යය, චෙකොස්ලොවැකියාව, ඩොමිනික් රාජ්‍යය, වෙනිසියුලාව, දකුණු අප්‍රිකාව, ඉතාලිය යන රටවල් 11ක් සියලු මහද්වීප නියෝජනය වන පරිදි එක්වීමට නියමිතව ඇත.

ජූලි මස 29 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය අගෝස්තු මස 7 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.

ලොව බෙස්බෝල් ක්‍රීඩා කරන රටවල් 100කට අධික සංඛ්‍යාවක් අතරින් මෙවර ලෝක ශූරතා තරගාවලිය සඳහා ලෝක සංගමය විසින් තෝරාපත් කරගෙන ඇති ජාත්‍යන්තර විනිසුරුවන් 9 දෙනා අතරට එක්වීමට ශ්‍රී  ලාංකිකයකු වන සුජීව විජයනායකට හැකිව තිබීම විශේෂත්වයකි.

මෙයට පෙර 2019 වසරේ කොරියාවේදී පැවැති අවුරුදු 18න් පහළ ලෝක ශූරතාවලියක විනිසුරුවරයකු ලෙස එක් වූ  සුජීව විජයනායක පසුගියදා ජපානයේදී නිමාවූ ජාතික බේස්බෝල් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙසද කටයුතු කර තිබිණි.