ව්‍යාපාර ලියාපදිංචි අංකයටත් තෙල් ගන්න අවස්ථාවක්

0
16

වාහන කිහිපයක් භාවිත කරන ව්‍යාපාර වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිවීමට ඊයේ (28දා) සිට අවස්ථාව ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේම ඉන්ධන අවශ්‍යතාවන් ඇති අනකුත් යන්ත්‍ර සූත්‍ර පිළිබඳ තොරතුරු තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතු බවත් එහිදී එම යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් සඳහන් කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටී.

තවද ඊයේ (28දා) පස්වරු 4 වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් 801ක් ශ්‍රී අ ක්‍රමය අත්හදා ඇති බවද අමාත්‍යවරයා පවසයි.

එසේම ඉන්ධන හල් 464කදී වාහන 122,469ක් සඳහා මේ ඔස්සේ ඉන්ධන ලබා දී තිබේ.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට මිලියන 4.4ක් ලියාපදිංචි වී ඇත.

මෙම වැඩසටහන අගෝස්තු 01 වැනිදා ජාතික වශයෙන් සිදු කෙරේ.

චාමර අමරසූරිය