රනිල්ගේ හදිසියෙන් අරගල නවත්වන්න බැහැ

0
65

“රනිල්ගේ හදිසි නීතිවලින් උද්ඝෝෂණ අරගල නවත්තන්න බැහැ. අපි දිගටම අරගල කරනවා” යැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ හා ජනතා ඒකාබද්ධ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

 ඔහු ‘මව්බිම’ට  පැවැසුවේ ආණ්ඩුව හදිසි නීතිය ගෙනාවේ උද්ඝෝෂණ අරගල මැඬලීමටම ඉලක්ක කර බවය.

 මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා අය අරගලයේ සිටින්නේ මංකොල්ලකරුවන්, කුඩු ජාවාරම්කරුවන් යැයි ප්‍රකාශ කිරීම හාස්‍යජනක බවත් පාර්ලිමේන්තුවේ සිටින බොහෝ පිරිසක් මංකොල්ලකරුවන් හා කුඩු ජාවාරම්කරුවන් බව මුළු රටම දන්නා බවත් සමරසිංහ මහතා පෙන්වාදුන්නේය.

 විශේෂයෙන්ම අරගලය ඉදිරියට ශක්තිමත් වී ගෙන යන අතර ඒ පිළිබඳව විවිධ කණ්ඩායම් සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඊයේ 28 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කළ බවත් ඒ මහතා පැවැසීය.

හෙතෙම වැඩිදුරටත්  පැවැසුවේ අරගලයේ දිශානතිය වෙනස් කිරීමට ආණ්ඩුව දරන විවිධ ප්‍රයත්නයන් පරාජය කොට කඩිනම් මැතිවරණයකට අවශ්‍ය  බලපෑම් සිදු කරන බවය.

අනුරාධා හේරත්