මහින්ද සහ දේවපතිරාජය ඉනිමකින් ජයගනිති

0
34

ශ්‍රී  ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී පූර්ණ ජය හිමිකර ගැනීමට ගාල්ල මහින්ද සහ රත්ගම දේවපතිරාජ යන කණ්ඩායම් සමත් විය.

මෙම තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලය විසින් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 22කින් පැරදවූ අතර, රත්ගම දේවපතිරාජ විද්‍යාලය විසින් මීපාවල අමරසූරිය විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 220කින් පැරදවීය.

නදුල් ජයලත් (කොළඹ නාලන්දා) සහ පුල්ජිත් වත්සුක (රත්ගම දේවපතිරාජ) මෙම තරගවලදී පිත්තෙන් දස්කම් දක්වමින් ශතක රැස් කළ අතර, කවීෂ ගිත්මල් (ගාල්ල මහින්ද) සහ අරෝෂ සිතුමිණ (රත්ගම දේවපතිරාජ) තුන් ඉරියව් දස්කම් දැක්වූහ.

මේ අතර කොළඹ නාලන්දා විදුහලේ ඔසඳ පමුදිත මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 14කට කඩුලු 7ක් දවාලීය.

මෙම තරගවලදී කොළඹ නාලන්දා, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය වාර්තා කළේය. 

ගාල්ල මහින්ද_ගාල්ල විද්‍යාලෝක

විද්‍යාලෝක පළමු ඉනිම -73

(කවීෂ ගිත්මල් 9/4, ඉනුජ තිනෙත් 2/2)

මහින්ද පළමු ඉනිම – 138/8

(කවීෂ ගිත්මල් 49, රන්දුල මාබරණ 38, ගජිත සහිරු 28/2, සචිත්‍ය ඉඳුවර 43/2)

විද්‍යාලෝක දෙවැනි ඉනිම – 43

(විශ්මිත සත්සර 26/5, කවීෂ ගිත්මල් 6/4)

මහින්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 22ක ජයක්.

රත්ගම දේවපතිරාජ_මීපාවල අමරසූරිය

අමරසූරිය පළමු ඉනිම – 50

(ගිම්හාන රසාංජන 10/3, අරෝෂ සිතුමිණ 6/2, පින්සර දුතංක 8/2, කවීෂ මධුසංක 21/2)

දේවපතිරාජ පළමු ඉනිම – 304/4

(පුල්ජිත් වත්සුක 111, අරෝෂ සිතුමිණ 60, ගිම්හාන් රසාංජන 55, යසිරු ලක්ෂාන් 51, සඳෙව් භාසුර 72/2)

අමරසූරිය දෙවැනි ඉනිම – 34

(අරෝෂ සිතුමිණ 5/4, දුල්ජිත් වත්සුක 0/2,

ගිම්හාන් රසාංජන 16/2)

දේවපතිරාජයට ඉනිමක සහ ලකුණු 220ක ජයක්.

කොළඹ නාලන්දා_මහරගම ජනාධිපති

ජනාධිපති පළමු ඉනිම – 112

(තිසුන්ත යිමාංජන 36, පසිඳු ජනිත් 34, ඔසඳ පමුදිත 14/7, සංතුල් විජේරත්න 18/2)

නාලන්දා පළමු ඉනිම – 208/1

(නදුල් ජයලත් නොදැවී 115, ඔමිත් රත්නායක 62)

ජනාධිපති දෙවැනි ඉනිම – 58/4

(සංතුල් විජේරත්න 22/4)

කොළඹ රාජකීය – කොළඹ ඩී. එස්. සේනානායක

රාජකීය පළමු ඉනිම – 309/7

(හිරුන් මතීෂ 77, දිනෙත් වේරගොඩ 64, යසිඳු දිසානායක 44, තෙවිඳු වේවැල්වල 33, සනුග මුතුකුමාරණ 55/3, තෙනුක ෆොන්සේකා 59/2)

ඩී. එස්. සේනානායක පළමු ඉනිම – 86

(උසිත ඉලේපෙරුම 11/4, යසිඳු දිසානායක 10/2)

රාජකීය දෙවැනි ඉනිම – 135/7

(තරුල් අම්පෙමොහොට්ටි 77, චනුල් අතලේ 28/3, සෙනිඳු ගම්ලත් 14/2)

කොළඹ ආනන්ද_රාජගිරිය ජනාධිපති

ජනාධිපති පළමු ඉනිම – 172

(රන්මිත් දිනුවර 60, ශාරධ ජයරත්න 34/4, සිහත් සමරවික්‍රම 50/2)

ආනන්ද පළමු ඉනිම – 308/8

(ශාරධ ජයරත්න නොදැවී 78, තේෂාන් රාජපක්ෂ 77, අභිමාන් සංහිඳ 49, නදිප තේමිත 47/2, ධනුජ දිල්රුක් 51/2)

කොටහේන ශාන්ත බෙනඩික්ට් _ පන්නිපිටිය ධර්මපාල

ධර්මපාල පළමු ඉනිම – 89

(දිනාත් සෙනිල 22/4, අකේන් පෙරේරා 19/3, ටි්‍රෂේන් සිල්වා 11/2)

ශාන්ත බෙනඩික්ට් පළමු ඉනිම – 121/5

(මාරියෝ ප්‍රනාන්දු 46, යසස් රේවත 40/2)

ධර්මපාල දෙවැනි ඉනිම – 141/7

(නුලාන් ලංවිඳු 38, ඔදින් බෝසර 35, විහඟ රත්නායක 5/3, අකේන් පෙරේරා 33/2)

ඉෂාන් රශ්මිත