පොහොට්ටුවේ කුමන්ත්‍රණකරුවන් පන්නනවා

0
49

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පක්ෂයෙන් ඉවත් කරන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් හිමිකර ගන්නේද ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ බව පක්ෂ මහලේකම්වරයා පැවැසුවේය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට නොහැකි බවද යම් කල්ලි පක්ෂය තුළ නිර්මාණය වීම එක් කරුණක් බවද පක්ෂයක් දෙකඩ වීම තවත් කරුණක් බවද පොදුජන පෙරමුණ මහලේකම්වරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී  ලාංකේය පුරවැසියකු බවත් ඔහු ඉදිරියේදී ලංකාවට පැමිණෙනු ඇති බවත් ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් කිරීම පිළිබඳව ඉදිරියේදී මෙරට ජනතාව කනගාටුවනු ඇති බවත් සාගර කාරියවසම් මහතා කීය.

පැවැති අරගලයේ ඇත්ත තත්ත්වය ඉදිරියේදී රටට හෙළිවනු ඇතැයිද අරගලයක් නොව එය කැරැල්ලක් බවද පොදුජන පෙරමුණ ලේකම්වරයා පැවැසීය. විවිධ යටි අරමුණු සහිත පිරිස්වල ඉගැන්වීම් මත වැරැදි තැන්වලට ගිය පොදුජන පෙරමුණ මන්ත්‍රිවරු ඉදිරියේදී පක්ෂය සමඟ එකතුවනු ඇතැයිද සාගර කාරියවසම් මහතා කීය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (28දා) සාගර කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය