පැල්වත්ත සතොසේ කිරි පැකට් හංගලා

0
87

පැල්වත්ත සතොස සිල්ලර ශාඛාවේ පාරිභෝගිකයන්ට නිකුත් නොකර කිරිපිටි පැකට් 28ක් සඟවාගෙන සිටියදී පාරිභෝගික අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් පෙරේදා (27දා) අත්අඩංගුවට ගෙන ඇත.

හයිලන්ඩ් වර්ගයට අයත් මෙම කිරි පැකට් පාරිභෝගිකයන්ට අලෙවි නොකොට පිටස්තර ව්‍යාපාරිකයන්ට විකිණීමට සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අදාළ කිරිපිටි පැකට් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලෙස උපදෙස් දී ඇති පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සතොස කළමනාකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත. පාරිභෝගික අධිකාරියේ ජේ‍යෂ්ඨ විමර්ශන නිලධාරි අමිල රත්නායක, විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.ඩී. දිසානායක, ආර්.එම්.එන්. ඩබ්. ගුණරත්න සහ ඒ එල්.එම්. භාතික් යන නිලධාරීහු වැටලීම කළහ.

බිබිල – නඳුන් ගුණතිලක