ධානිශ් අලිට විදේශ ගමන් තහනම්

0
13

උද්ඝෝෂණකරුවන් පිරිසක් විසින් ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවී සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව ධානිශ් අලී හා චමින්ද කැලුම් අමරසිංහ යන අයගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (28දා) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේය.

එසේම මේ වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිශ් අලී නම් සැකකරු හා අනිත් සැකකරුද අධිකරණයට ලබන පළමු වැනි දින ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

හංසි නානායක්කාර